“Huawei” ආයතනය පවසන්නේ තම HarmonyOS මෙහෙයුම් පද්ධතිය ස්මාර්ට් උපාංග ecosystem එක සදහාම සූදානම් බවයි. අද පැවති හමුවකදී ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ තම දියුනු කරන ලද නව සංස්කරනය smartphones, wearables, smart TVs ඇතුළු සමස්ථ ස්මාර්ට් උපාංග අවකාශය සදහා වඩාත් නම්‍යව සුදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ 128KB RAM තරම් සරල මට්ටමකදී පවා භාවිතයට සූදානම් බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ තම නව මෙහෙයුම් පද්ධති පරිසරයේදී ස්මාර්ට් උපාංග එකිනෙක සම්බන්ද වෙමින් වඩාත් සුමට භාවිතාවක් ගෙනෙන්නට සූදානම් බවයි. ඔවුන් වැඩි දුරටත් පවසනවා මෙහෙයුම් පද්ධති අනන්‍යතා සීමාවල් හඳුන්වා දෙන ඇප් හරහා ඉක්මවා යන්නට මෙන්ම සාම්ප්‍රධායික උපාංග සීමාව ඉක්මවමින් smart ovens , fridges වනි තලයන් සදහාද සූදානම් බවයි.
Pubudu Siriwansa
අන්තර්ජාලය මූලික මාධ්‍ය යුගය වඩාත් තිරනාත්මකය. සාම්ප්‍රධායික අත්දැකීම වන එක් දිසාවකට මූලිකව චලනය වන හා සීමිත ප්‍රභූ අනන්‍යතාවයක සිට විශාල බහුතරයක් දෙසට තොරතුරු චලනය වීම වෙනුවට සියල්ලන්ම අසා සිටින්නට වන මෙන්ම සියල්ලන්ටම දෑ කියන්නට සම අයිතිය ලැබෙන යුගයක අත්දැකිම අප පසුකරමින් සිටින්නෙමු. මෙය සාම්ප්‍රධායිකව සැලකීමේදී වඩාත් දියුනු සමාජ භාවිතාවකි.
Pubudu Siriwansa
තොරතුරු යුගය ජීවිත මත සටහන් වන්නේ වඩාත් අභියෝගාත්මකවය. පුද්ගල අර්ථවල සිට රටවල් අර්ථ දක්වා නෙක ව්‍යුහයන් එය දරුනු විමසීමකට ලක් කොට ඇත. නව අර්ථවලට කැඳවා ගෙන ගොස් ඇත. යාන්ත්‍රිකකරනය මෙන්ම සබඳතාකරනය එහි කැපී පෙනෙන ලක්ෂන දෙකකි. මේ නව ප්‍රවනතා මූලික වන ආර්ථික දේශපාලණික මෙන්ම සංස්කෘතික අර්ථ ඉල්ලා සිටිම හාත්පසම දක්නට ඇත .Pariganakaya.Com වැඩ සටහන නිර්මාණය වන්නේ මේ බවද පසුබිම් කරගෙනය. එම වැඩ සටහන වඩාත් වැදගත් වන්නේද ඒ නිසා වනු ඇත.
Pubudu Siriwansa
#siriwansa
භෞතිකවාදයේ හා විඥානවාදයේ මායිම් ලකුනු අවසන් කරන්නා ක්‍රමයෙන් කරලියට පැමිනෙමින් තිබෙනවා. Phygital නමින් හැදින්වෙන නව ප්‍රවනතාවය සාර්ථකව ඔබගෙන් භෞතිකයක හා වර්චුවල් නිර්මිතයක සීමාව එකිනෙක සංයෝජනය කර දමනවා.
” Pariganakaya.Com “
Pubudu Siriwansa
සාර්තක ව්‍යවසායකත්වයක් යනු නිමා නොවන අරගලයක් බදුය. සමාජය මත වඩාත් ආකර්ශනීය මෙන්ම ඵලදායී භාණ්ඩ හෝ සේවා යාන්ත්‍රනයක් ගොඩනැගීම නිම නොවන දිලිසුම් දෙන ජීවිත සටහනක් තැබීමකි.
අවසානයේ ඔහු තමන් පසක් කල සත්‍යය තම දින සටහන තුල මෙසේ වචන ලෙසට සටහන් කලහ. ‘ සැබෑවනම් අපගේ මිත්‍රත්වය අතර තිබී ඇත්තේ ක්ලික් එකක දුරක් පමන වීමය’ එහෙත් අවසන් වූ ඒ මිතුදම නෙතට ගෙන ආ කදුල වියලන්නට අඩුම තරමින් තව දින ගනනාවක් යනු ඇත. “එය ජීව විද්‍යාත්මක පරිනාමයේ දුර්වලතාවයක් ලෙසට අප හදුනා ගත යුතුද? ” ඒ ටීටාවගේ ප්‍රථිචාරය විය.
” Tharu Minisa”
By Pubudu Siriwansa
“වර්චුවල් රියැලිටි’ භාවිතාවේ ආරම්භක යුගය හඳුනාගනු ලැබුවේ මිනිස් වර්ගයාට හමුවූ අපූරුතම උස්තල ගැන්වීමක ලෙසිනි. බොහෝ විෂයන් එය විසින් සීමා රහිත ලෙසට අමානන්දයට පත්කර දමන ලදී. මැද භාගයේදී වෛද්‍යවිද්‍යාව වැනි බොහෝ විෂයන් තුල එය අපමන දිගුවක් ලෙසට ජීවිත වෙතට සේවය කරන ලදී. කෙසේ මුත් අවසාන යුගය හදුන්වා දෙන ලද නාමයම ඔබට එයි කාර්යභාර්ය පැහැදිලි කර දෙනු ඇත. එනම් අවසාන යුගයේ ඒ ශක්‍යතාවයට පට බැදුනු නාමය වූවේ ” මිනිස් වර්ගයාගේ “සිහින අවසන් කරන්නා ” ලෙසටය.
” Tharu Minisa”
මේ දිනවල දහවල් ආහාර වේලෙන් පසුව අපට අවසර ලැබෙනවා කඳුයාය අතර විහිදී ඇති අතුරුමාවතක් දිගේ දිනකට පැය දෙක තුනක් ඇවිදයන්නට.ආශ්‍රමය පිහිටි කදුමුදුනතින් අනෙක් දෙසටවන්නට පිහිටි විශාල ගංගාව හා සමාන්තරව විහිදුනු අඩිපාරක් මම බොහෝ විට තොරාගන්නවා.ඉදහිටක හමුවන ගැමියෙකු හැරුනු විට විටක තදින් පැතිරුනු තුරු ගොමුත් තවත් විටක එලිමහන් පරිසරයත් ආදී නෙක වටපිටාව මනසට නැවුම් ප්‍රබෝදයක් කැන්දනවා.ෆෙං ශුයි දහම ගැන මට විශල අවබෝදයක් ලබා ගන්නට මේ පරිසරයේ වන විවිදත්වය විශාල උදව්වක් උනා.හොද තැන්පත් මනසකින් යනවිට ,මා පෙර කියු තුරුගොමුවල වෙනස හෝ කදු තැනිතලාමය වෙනස හෝ කොටින්ම කිව්වොත් මේ සියලු භෞතික පරිසර වෙනස හැරුනාහම මනසට, පරිසරය හා බැදුනු විටින්විට වෙනස් වන තවත් යමක් ඇතිබව හදුනා ගන්නට ඒ තරම් අපහසු නැහැ.විටක ශාන්තිමත් බවක් තෘප්තිමත් බවක් සැහැල්ලුබවක් මෙන්ම වෙහෙසකර බවක් කැන්දන හිස් කමක් දන්වන බවක් ආදී පසුකරන විවිද ප්‍රදේශවල ස්වභාවයක් බව හදුනා ගන්න්ට ඒතරම් වෙහෙසක් උවමනා උවේ නැහැ. ෆංශුයි වල හදාරන ශක්ති ගලනය මෙය බවත් හුදෙක් සංකේතවලින් ඔබ්බෙන්වන විශාල විශයක් මේ පසුපස ඇතිබව මම පසුව වටහා ගත්තා.
-TharuMinisa By Pubudu Siriwansa
හමායන සුලංරොද සොලවන අතුකොල නිසා නැගෙන හඬ ඇරෙන්න පරිසරය නිහඬවෙනකොට,පෙරදිග කඳු සිකර අතරින් අහස්කුසට නැගෙන හිරුමඩල අපරදිග කඳුසිකර අතර සැගවගියාම අවසන්වන දවසට අවනතව ගතකරන නිකලැල් ජීවිතය හරිම ශාන්තිමත්.දිනාගන්න බැරිඋනු ජීවිතයට එරෙහියව නොවේ , එතැන දිනා ගන්නතරම් දෙයක් නැතිබව තේරුම් ගියනිසා එකගවුනු නිසා, එදිනෙදා ජීවිතයේදී පසිදුරන් ඔස්සේ ගලා එන හිස් උත්තේජන තවදුරටත් ජීවිතය ප්‍රබොදමත් නොකරන නිසා එකග උනු, සමහර විට අරුත් සුන් බව තෙරුම් ගත්තත් මුක්කුගසමින් අමාරුවෙන් පවත්වාගෙන යන ජීවිතයයට වඩා නිර්භයව වෙනසට එකගවුනු නිසා ලබා ගත් ජීවිතය. ඒක හරිම විසිතුරු අත්දැකීමක්…
-TharuMinisa By Pubudu Siriwansa
වරක් ආශ්‍රමයට ඇමරිකානු මහාචාර්ය වරයෙක් පැමිනියා. සොයාගැනීම් කිහිපයක් නිසා එතුමා විද්වතුන් අතරත් ගෞරවයට පාත්‍ර වුන කෙනෙක්. එතුමා පැමිනියේ දින හතක පමන කෙටිකාලයක නවාතැන් ගැනිමටයි.එතුමා බොහෝ විට දවසේ සමාලෝචන රැස්වීමට පැමින හරිම ගැබුරු රසායනික සංයුතීන් ගැන භෞතික විද්‍යාත්මක නියමයන් ආදිය යොදාගනිමින් විශාල තර්ක විතර්ක යොදමින් බරපතල කතා පැවැත්තුවා. දවසක් තමාගේ දීර්ග පැහැදිලි කිරීමකින් අනතුරුව ඔහු ඇසුවා ,ස්වාමීන්වහන්ස මගේ බුද්ධදර්මය ගැන ඇති දැනීම ගැන ඔබවහන්සේ මොකද කියන්නේ කියලා.ස්වාමීන් වහන්සේ මද සිනාවක් සමග කීවේ “ඔබේ මනසට බුද්ධ දර්මය හොදටෝම සරල වැඩියි. ඒ නිසාම ඔබට බුදුදහම මග ඇරෙන ගතියක් මම දකිනවා ” කියල පමනයි.
-TharuMinisa By Pubudu Siriwansa
ඔවුන් අපමනක්වු පොලවට ගැට ගසා ඇති රැහැන් පොටවල් සිද ඇත්තේය.නැතිනම් සිදිමින් සිටින්නේය.ඔවුනට මහනදම සමජයෙන් ගෞරවය කැදවීම සදහා නොව නිදහස් ලබා ගැනීමසද භාවිත අනුබලයක් පමනි. වෙනස් විදිහකට පවසතොත් ” මගෙන් ඔබට කිසිදු කරදරයක් නොමැත, මට මගේ පාඩුවේ ඉන්න දෙන්න” වැන්නක් පවසන සංකේතයකැයි මට සිතේ.ආශ්‍රමයට පැමිනෙන ගම්වාසී කිසිවෙක් තමන්ගේ ගෘහ ගැටලු වලට පිලියම් නෝඅසයි. ස්වාමින් වහන්සේලා බරපතල හා සම්ප්‍රදායික උපදෙස් දීමටත් නොපෙලබෙයි.නුවනැති ගම් වාසීන් උන්වහන්සේලාගේ සැබැ සන්සුන් ගමනින් පවා දහසක් දේ ජීවිතයට එක් කර ගනිති. සතුන් සර්පයින් පවා උන් වහන්සේලාව මග හැර යන්නේ මහා අමුතු බලයක් ඔවුන් සතු නිසා නොව දුබලයෙකුට දරන්න බැරිතරම් ඔවුන් බල රහිත නිසාවෙනියැයි මම සිතමි.
-TharuMinisa By Pubudu Siriwansa