Back to Top

94 77 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Avissawella.Com වෙබ් අඩවිය
ඉතා ඈත අතීතයට අයත් ප්‍රවාදයන් ලෙසට වන සීතා දේවිය පැහැරගෙන විත් සඟවා තබන්නට සුදුසුවූ කඳුවලල්ලක ස්වභාවික ආරක්ෂාව සමග සෞම්‍ය කාලගුන වටපිටාව එදා දවස වැදගත් වන්නට ඇත. ආදිමානව ස්පර්ශය පිලිබඳවද මතිමතාන්දර මානියම්ගම ප්‍රදේශය අවටින් පැමිනෙනවා සේම කිතුල්ගල ප්‍රදේශයෙන් පැමිනෙන පුරාවිද්‍යාත්මක සාධක සහිත තොරතුරු පෙර කී මතිමතාන්දර පිලිබඳව වඩාත් විස්වාසනීයත්වයක් ගෙනෙයි. ලංකාවේ ප්‍රධානතම ගංගාවක් තම දගකාර අවදිය පසුකර මද සංසුන් බවකින් මෙම ප්‍රදේශය හරහා ගලා යන්නේ තවත් ජලධාරා කිහිපයකම එකතුවෙන් පෝෂනය වෙමින් වීම ද වැදගත් සාධකයකි. කලින්කලට පැමිනෙන පිටාර ඔස්සේ තැනිතලා ගංඟාව අවට ප්‍රදේශය වගාවෙන් සරු සාර කරදීම ද අමතක කල නොහැකි වැදගත්ම සාධකයක් වන්නට ඇත. යටත් විජිත යුගවලදීද වතු වගාවන් විශාල වතුයාය වල් මෙහි බහුලව තිබෙන්නට ඇත. තවමත් ශේෂව ඇති වතුයායවල් කිහිපයක්ම දක්නට ලැබේ. වර්ථමානය දෙසට පැමිනීමේදී කර්මාන්තපුරය දහස් ගනනකට ‍රැකියා අවස්ථාව දෙන නෙක ආකාරයේ කර්මාන්තශාලා රාශියකින් යුතුව අපට මග හැරුනු කාර්මික යුගයේ ප්‍රවනතා සදහා මග පෙන්වමින් සිටී. දේශීය ව්‍යවසායකත්වයේ පැහැබර හෙට දිනකට විටක මෙම කර්මාන්තපුරයන් මග කියනු ඇත. ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් තිබෙන සීතාවක උද්‍යානයද අමතක කල නොකල යුතුය. කිතුල්ගල දෙසට වන්නට වන වයිට් වෝටර් ක්‍රීඩාවට වඩාත් ප්‍රචලිත ප්‍රදේශයත්, බටන්ගල ප්‍රදේශයේ වන ජාතික මට්ටමේ අධ්‍යාපනික ආයතනය මෙන්ම කළුඅග්ගල ප්‍රදේශයේ වන විනෝද උයනද , ආදීන් සැලකීමේදී හැගෙන්නේ වර්ථමානයේදීද මෙම ප්‍රදේශය සැලකිය යුතු අවධානයක් ලබා ගන්නා බවයි. මෙම වෙබ් අඩවියේ මූලික අරමුණ වන්නේ මෙවන් අසිරිමත් නගරයක වරුණ ඔබ වෙත කියන්නටය.

Welcome to Seethawakapura Online Network

Seethawakapura.Com වෙබ් අඩවි ජාලය අවිස්සාවෙල්ල මුලිකව නිර්මාණය වන ප්‍රදේශීය වෙබ් ජාලයකි. එලබෙන යුගයේදී මිනිසුන් තම දෛනික අවශ්‍යතා වඩ වඩාත් Online” ආකාරයට සොයා බැලීම බහුල වන විට අප අපගේ භාණ්ඩ හා සේවා පිලිබඳ තොරතුරු Online තබා තැබීම වඩාත් වැදගත් වනු ඇත. ඔබ Seethawakapura.Com වෙබ් ජාලය සමග සම්බන්ඳ විය යුත්තේ එය හුඳු තවත් වෙබ් අඩවියටකට වඩා වන විශේෂතා කිහිපයක් නිසාවෙනි. එනම් වසර 10 ඉක්මවන වෙබ් අවකාශය සමග පූර්ණකාලීන කටයුතු කරන්නෙකු අතින් නඩත්තුවන සේවාවක් වීම මෙන්ම සිංහල බ්ලොග් අවකාශයේදී මෙන්ම සමාජ ජාලා යුගයේදීත් වඩාත් ආකර්ශනීය අනන්‍යතාවයක් සටහන් කොට තබා ඇති අයෙකු විසින් නඩත්තු කරන සේවාවක් වන බැවිනි.