94 77 34 9191 6
සැබවින්ම අවිස්සාවේල්ල නගරය සොඳුරු පුරවරයකි. එය ඓතිහාසික වන්නේ රජ දවස සීතාවක රාජධානියේ කේද්රස්ථානය සමීපකොටම පිහිටා ඇති නිසාය. අදද ඓතිහාසික වටිනාකම් ඇති ස්ථාන නගරය තුල බොහොමයකි. එහි ආර්ථික වටිනාකම්ද අපමනය. අතීතයේ සිටම ආර්ථික භෝගයන් සදහා විශාල ඉඩකඩක් මෙම නගරය වටාම වෙන්ව තිබුනා සේම අදවන විට ලංකාවේ ප්රධානතම ආර්ථික උද්යානයක්ද පිහිටා ඇත. එය අලංකාරයෙන්ද අනූන නගරයක් වන්නේ අලංකාර ගංගා කොමලියකගේ පහස සේම නගරය වටා වන අපූරව කඳුපෙල නිසාය. මාගේ වෑයම වන්නේ මේ අපූර්ව නගරයේ වන ආර්ථික වටිනාකම්, ඓතිහාසික වටිනාකම් මෙන්ම ස්වභාවික වටිනා කම් එක අඩවියකට ගොනුකර ලන්නටය.
සීතාවක අතීතය හදාරන්නන් වෙතට හමුවෙන්නේ වසර 30000 තරම් දුරක සිට බව ඔවුන්ගේ අදහසය. කුරුවිට බට දොඹලෙනත්, බටතොට ලෙනත්, කිතුල්ගල බෙලි ලෙනත් මෙන්ම කොස්ගම අකරවිට වන අස්මඬල ලෙනත් ..