අපි දන්නවා පසු ගියදාක කිසියම් රූපවාහිනී නාලිකවක මේ දිනවල ලංකාවේ මේ දිනවල තිරගත වෙමින් තිබෙන සිනමා පටයක් සම්බන්දිතව, විවිධ කෝන කිහිපයකින් සමන්විත බව පෙන්වන්නට එම නාලිකාවට අවශ්‍ය වූ සාකච්චාවක් පැවත් වුනා. වර්ථමාන ලාංකික මාධ්‍ය අවකාශයේ සමාජ සිදුවිම් පිලිබඳව වන නාභිගත වීම් සම්බන්දයෙන් දක්වමින් සිට්න දුර්වල බව මනව පෙන්වන හෝ තමන් ඇත්තෙන්ම නිරතව ඉන්නේ අදාල සිදුවීම් වල වඩත් සංවේධී සමාජ අර්ථවල නොවන බව හෝ තමන්ට ඒ බව අනවශ්‍ය බවත් ඔනෑම සමාජ සිදුවිමක වන වඩාත් අලවිකල හැකි සංස්කරනය තම අභිප්‍රයාව බව ප්‍රකට කරවන ආකාරයෙන් සිදුවූ එම සංවාදයේ දී දැන හෝ නොදැන වර්ථමාන ලංකාවේ පවතින සැබෑ අධිපති මතවාද වල ව්‍යාකූල බව මතුපිටට පැමිනීමක් නම් දැකිය හැකි විය.
සිල්ලර වෙළඳාමේ අධිපත්‍ය දේශපාලනය, කලාව, ආර්ථිකය මේ සියල්ල මත අද වන විට සිටගෙන සිටින්නේ කොතරම් පෞර්ෂත්වයකින් ද යන්න එම හෝරා කිහිපය ප්‍රකට කරවූ වැදගත්ම කාරනාවක් වූ බව පැහැදිලිය. රටට, ජාතියට, ආගමට ආදරයවීම ගෞරව කිරීම ඒවායේ සැබෑ අර්ථවලින් මිදී මතවාදී අවකශයකදී තරම් නොවන නැතිනම් නොවිය යුතු ආධිපත්‍යයයක් අතව ට පත්ව ඇති ආකාරයද නො අඩුව පිලිබිගු කෙරෙනි. දේශපාලන අර්ථවලදී ද තරමක අමු බවක් දක්වමින් එම සමස්ථ ගලයාම තුල පැහැදිලි කරවන ස්ථාවරයක සිට ගන්නට තරම් නොහැකි වූබවක්ද පැහැදිලි විය.
මේ සමස්ථ අසමත් බව ප්‍රකට කරවන්නේ මේ මොහොතේ රටේ වන සැබෑවද වන බව මගේ මතයයි. රට, ජාතිය, ආගම, දේශපාලනය මෙන්ම ආර්ථිකය ගැන පවා අප පත්ව ඇති ව්‍යාකූලබව බව මගේ විස්වාසයයි. දේශපාලනිකව, සංස්කෘතිකව පමනක් නොව ආර්ථිකවද අද අප විදිමින් සිටින අවතැන්වීමේ ආදිනව යැයි මම සිතමි.