Microsoft සමාගම කල මෙහෙයුම් පද්ධති නිකුතූන් අතර Windows 10 මෙහෙයුම් පද්ධතිය සාර්ථකම නිකුතුවක් ලෙසට පිලි ගැනෙමින් ඇත. නෙක ආකාරගත් චෝදනා අතර වන භාවිතාකරන්නන්ගේ තොරතුරු රැස්කිරීමට වන ඉඩකඩ පිලිබඳ චෝදනාව ඉහලින්ම වූවද නම්‍ය ක්‍රියාකාරීත්වය, ආරශිත බව, උපාංග අතර පහසු එකගතාවය, වඩාත් බුද්ධිමත් සහයක් රැගෙන එන්නට සූදානම් බව මෙන්ම සාම්ප්‍රධායික උපාංග තලයේ සිට ඉදිරියට එන්නට සූදානම් බව ඒ අතර කැපී පෙනේ.
Windows 10 පලමු නිල නිකුතුවෙන් එලබෙන වසර දෙක තුන ඇතුලත උපාංග බිලියනයක ස්ථාපිතව තිබිම තම ඉලක්කය වන බවට Microsoft ආයතනය ප්‍රකශකරන ලද අතර Windows 7 / Windows 8.1 වල සිට නොමිලේ පිවිසෙන්නට පහසුකම් සැලසීමට අදාල ව ලබා දෙන ලද වසරක කාලය මේ වන විට අවසාන වන්නට ආසන්නව පවතින අතර, මේ වන විට ස්ථාපිත උපාංග සංක්‍යාව මිලියන 350ක් ලෙසට ආසන්නව සැලකේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows phone 10 වල ප්‍රමාදයන් මෙන්ම එම උපාංග වෙළඳ පොල තුල ගලායාමේ දුර්වලතාවය පෙර කී ඉලක්ක වෙතට ලගාවීමේ දුර්වලතාවයක් පෙන්වන්නට එක් ප්‍රධාන හේතුවක් ලෙසට පෙන්වා දෙමින් ඇත.
Windows 10 වෙතට නව ප්‍රධාන යාවත්කාලීනයක් නුදුරු ඉදිරිය සදහා සූදානම් වෙමින් ඇති අතර එය මේ වන විට එලබෙන අගෝස්තු දෙවනදා සිට වන බවට නිල ලෙසට ප්‍රකාශයට පත්ව ඇත. A.I දෙසට මෙන්ම වර්චුවල් දෙසට වන නව ප්‍රවනතා සමග නවාංග රාශියක් නව සංස්කරනයත් සමග භාවිතට එනු ඇති බව දැනමත් ඉගිපලකොට තිබෙන අතර XP වලින් අනතුරුව Microsoft ආයතනය windows 7ද ඉක්මවා යන සාර්ථකත්වය මෙම නව මෙහෙයුම් පද්ධතිය සමග ලබා ගනු ඇති බව දැනට මත් ඉගි පලකොට ඇත.
