……තොරතුරු තාක්ශන කෞතුකාගාරය වෙත මා පාසැල්වියේදී දෙවරක් පැමිනියා මතකය. සරසවියේ පලමු වසරේදී විශය පථය බේදයකින් තොරව තොරතුරු තාක්ශන ඉතිහාස විෂය අනිවාර්ය වූයේ 2028 වසර අවසානයේ සිට බවයි සටහන් ව ඇත්තේ.2015 වන විට ලෝකය පුරා එතෙක් පැවති ත්‍රස්තවාදී ගැටලු, ආර්ථික ගැටලුවල උච්ච අවස්තාවට පත්වීමත් පරිසර පද්ධති වලට මිනිසා අසීමිත අතපෙවීමේ අවසාන ප්‍රථිපලයවූ බරපතල ස්වාභාවික ව්‍යසනවල ආදී සියල්ලේම හේතුවෙන් ලෝකය පුරා පැතිර ගිය විශාල කඩා වැටීම අවසානයේ නව පෘතුවි සංස්කෘතියක් ඇරබුන බවත් එහි පදනමවූයේ මහා කඩා වැටීමට පෙර ලෝකයේ පැවති සාර්තකම අන්තර්ජාතික ආකෘතිය වූ ලෝක ව්‍යාප්ත ජාලය බවත් තොරතුරු කෞතුකාගාරයේ දෙවන ප්‍රධාන දොරටුවට ඉහලින් රන්වන් අකුරින් සටහන් කර ඇත්තේ මහත් ගෞරවනීය ආකාරයෙනි.හදුන්වාදෙන දේශනයකදී ආරධිත දේශකතුමා මද සිනාවක් සමග පවසා සිටියේ “ඒකාලේ හිටපු දේශපාලකයින් ඇතුලු බොහෝ අයට හැකිවුනා ඒ වන විට ලෝකය පුරා පැවති පූජනීය බොහෝදේ කිසිම කරුනාවකින් තොරව ඊලග මොහොතේ පැවැත්ම වෙනුවෙන් යලි ගොඩ නගන්නට බැරි විදිහට විනාශ කරන්නට. නමුත් අපේ වාසනාවකට “ලෝක ව්‍යාප්ත ජාලය” ඔවුන්ගේ දරුනු මට්ටමේ අත පෙවීමකින් ගැලවී තිබුනා”…….
…….සමහර විට අතීත්යේ නම් මෙම කාරනාව අදාලවන්නට ඇත්තේ ජීව විද්‍යාවට වන්නට ඇත. තව දුරටත් මිනිස් ජාන තාක්ශනය ඔස්සේ දක්ශ යැයි සම්මත වූ මිනිසුන්ගේ පිටපත් සොයා යාමේ ගමන අඩාලවන්නට බීටා පරිගනක පද්ධතියේ සපැමිනීම තීරනාත්මකම කාරනාව විය.දත්ත මිනිස් තාක්ශනය ඔස්සේ වසරක පුහුනු කාලයක අවසානයේ ලෝකය පවත්වාගෙන යාමේ ව්‍යුහයට අවැසි තනතුරුවලට අදාල බුද්ධි රටා වලින් සමන්විත දත්ත මිනිසුන්ව නිර්මානය කරගන්නට හැකිවිය. මුලදී නිර්මාපකයින් එරෙහි වුවද මිනිස් ස්වභාවයන්වූ නිදිමත කම්මැලිකම වැනි මිනිස් ස්වභාවයන් හට පසුකාලීනව එකගවූවේ මිනිස් විවිධත්වය විචිත්‍ර ශිෂ්ථාචාර නිර්මානය වීමේ පදනම බව වටහා ගැනීමත් සමගය. ලෝකය පුරා ස්ථාන පහක පමන පිහිටා ඇති විසල් දත්ත ගබඩා වල මෙම මිනිස් දත්ත පිටපත් තැන්පත් කර තැබුවේ එහි හිමිකරුගේ සම්පූර්න නෛතික හා සදාචාරත්මක අයිතියට යටත්වය.ලෝකයේම මිනිස්ශ්‍රම අවශ්‍යතාවෙන් අතිමහත් ප්‍රතිශතයක්ම ස්වංක්‍රීය උපකරන වලට භාරවීමත් සමග පෘතුවිය මත ශිෂ්ඨ මිනිස් ඉතිහාසයේ කවරදාවත් අත්නොවිදි තරමේ නිදහස් නිර්මානශීලී මිනිසා බිහිවිය……
…………”වසර සියදහස් ගනනක් තිස්සේ විවිධාකාරවූ ආගමික නායකයින් මෙන්ම සමාජ සංවිධාන යහපත් සිතුවිල්ලක වටිනාකම ගැන මිනිස් වර්ගයා එකග කර ගන්නට ගත් උත්සාහයේ ප්‍රථිපලය ඉතාම අඩු ප්‍රතිශතයකට සීමා විනි. ටීටා පරිගණක යුගය සියල්ල වෙනස් කලේ මහත් වේගයකිනි. ඉතාම අවසනාවන්තම වූ අඩුම මිනිස් ප්‍රතිශතයක් හැරුන විට සියල්ලන්ටම යතාර්තය තවදුරටත් මග හැරිය නොහැකි කාලය එය රැගෙන ආවේය. මිනිස් සිරුරක අසාමාන්‍ය ලෙස උෂ්නත්වය වැඩිවීම මැන ගන්නට “උණ කටුවක්” නිර්මානය කරගෙන තිබුනද මිනිස් මනසක අයහපත් සිතුවිලි ප්‍රමානය මැන ගන්නට උපකරනයක් නොතිබීම “යක්ෂයාට” මහත් අවකාශයක් නිර්මානය කරදී තිබිනි”. ඔහුගේ ප්‍රියතම ලේඛකයෙකු කරතිබූ සටහන කිසිදිනක අමතක නොවුනු ඇත.පරිගණක භාවිතය මුල් යුගවලදී දෘඩ අකුරු පුවරුවක සීමිත ලබාදීම් සදහා පමනක් සංවේදී වී තිබූ පරිගණකය ඉතාසියුම් ලෙස මොලය තුල හට ගන්නා විද්‍යුත් රටාවන් වටහා ගන්නට දියුනුවීම පෘතුවිය මත අධ්‍යාත්මික විප්ලවයක් නිර්මානය කලාය. තවත් විචාරකයෙකු පවසා තිබුනේ ” අතීතයේ මිනිසුන් සිතුවේ විද්‍යාවේ දියුනුව මිනිසා අධ්‍යාත්මික අතින් වඩ වඩාත් පිරිහෙවන්නක් බවයි.ටීටා පරිගණකය සියල්ල වෙනස් කලේ හරිම අපූරු ආකාරයකටයි. සරලව පවසන්නේ නම් මිනිසාට මුනුන බලන්නට කන්නාඩියක් ලැබුනා සේම මනස බලන්නටත් කන්නාඩියක් ලැබී ඇතුවා සේය.” සමහර විටක අතීතයයේ සිටින යමෙකු මෙය කියවන්නේනම් යම් අපහසුතාවයකට පත්වන්නට ඉඩ ඇත.ලෝහ හා ප්ලාස්ටික් වලින් තැනු කැල්කියුලේටරයට හා රූපවාහිනියට වඩා මදක් දියුනු උපකරනයක් ලෙසට ඔවුන්ගේ ජීවිතවලට සමීපවතිබූ පරිගනකයට මෙවන් තාක්ශනික පරිනාමයක් ගැන සිහිනෙන්වත් ඔවුනට සිතා ගන්නට බැරිවෙනු ඇත……..
