internet ජීවිතය අවට වූ දැනෙන භාවිතාවක සිට නොදැනෙන භාවිතාවක් දක්වා වූ කාලය කෙමෙන් පැමිනෙමින් ඇත. පරිගණකයන් එකි නෙන යාවන ජාලයක සිට අද එය Smart Phone, Smart TV ඇතුලු නෙක ආකාර ගන්නා IoT උපාංග වලින් දෛනික ජීවිත්ය වේගයෙන් වෙලා ගනිමින් ඇත. හදාරන්නන් යෝජනා කරමින් සිටින්නේ නුදුරේදීම සාමාන්‍ය මිනිසා තමන් අවට වන උපාංගවල අන්තර්ජාලය හා සැබැදිබව අමතක වන හ ඒවායේ සැබැදියාවන් ආයාසයකින් හසුරවන දිනය වේගයෙන් නිම වෙමින් පවතින බවකි. ඔවුන් යෝජනා කරන්නේ තමන්ගේ ප්‍රධාන දත්ත ගොනුව නිවසේ වන ප්‍රධාන පරිගණකයක හෝ ආයතනය්කින් මිළඳී ගන්නා අවකාශයක ස්ථාපනය කර පුද්ගලයෙකු ලෙසට වාගේම නිවසේ සියලු සාමාජිකයන්ට පොදුවන වෙනම ජාල ගතවීම් හා ඉන් බාහිරට වන සබඳතා පලනය වන දිනයක් මේ වන විටත් නිර්මාණය වෙමින් පවතින බවය.
හදාරන්නන් පවසන්නේ පුද්ගල මට්ටමේ මෙන්ම සමාජ නැතිනම් රටවල් ආකාරයේ අනන්‍යතා ඇති කෘතීම බුද්ධි රටා දැනටමත් තැනිනි තැන නෙක ආකාරවලට අත්හදා බැලෙමින් ඇති බවය. එහිදී පැහැදිලි කෙරෙන්නේ තම රටවල් වල වන නෙක ආගමික, සමාජීය අනන්‍යතා මග නොහැරෙන බුද්ධිරටාවල නිර්මානය වීම මෙන්ම ඒවා විසින් එම නිවෙස හෝ රවල්වල ප්‍රධාන යාන්ත්‍රික රටා හැසිරවීම අත්පත්කර ගැනීම දැනටමත් නොදැනීම සිදුවෙමින් පවතින බවකි. “අප දන්නවා තවමත් මේ කාරනය මිනිසුන් තුල බිය උපදවන දෙයක් ලෙසට හඳුනා ගනිමින් තිබෙනවා කියලා. හැබැයි කාලයාගේ ඇවෑමෙන් මිනිසා තියුනු පිහිතුඩක් සමග කල්පනාවෙන් හසුරව ගැනීමෙන් මහත් ප්‍රයෝජන ලැබුවා සේම අන්තර්ජාලය සමග unconscious ආකරයට කටයුතු කරන දිනයක් ලගදීම පැමිනේවි” ඔවුන් පවසා සිටිනවා.  – Pubudu Siriwansa