Titanium Falcon Inc පවසන්නේ තමන්ගේ “smart ring” සමග අනාගත වීඩියෝ ගේම් භාවිතාව නව ආකාරයක් ගනු ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ phone, tablet, smart TV, smart watch, PC/MAC, හෝ VR headset වැනි ස්මාර්ට් උපාංගයක් සමග  Bluetooth  ආකාරයට සම්බන්ද වීමට සූදානම් මෙම නිකුතුව  9-axis motion control sensor එකකින් සමන්විතව පැමිනෙනු ඇති බවය. action buttons දෙකකින් සමන්විත මෙම උපාංගය shooting, racing, වැනි sports ආදී නෙක ආකාරගත් පරිගණක ක්‍රීඩා මෙහෙයවීමේදී වඩාත් සහයක් භාවිතාකරන්නා හට ගෙනෙනු ඇති බවය. touch-less නැතිනම් ස්පර්ශක බවෙන් තොර motion controlled ආකාරයට  හැසිරවීමකට සූදානමින් එන මෙම  smart ring සමග භාවිතාකරන්නහට වඩාත් නිදහස් ආකාරයට එම උපාංග මෙහෙයවීමේ අවස්ථාවක් ගෙනෙනු ඇති බවය. එම ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ අනාගතයේදීඉ virtual 3D hand-tracking space දියුනු කිරීමකට තමන් සැලසුම් කරමින් සිටින බවකි. “Talon,” නමින් මෙය $100 ආසන්න මිළකට වෙළඳ පොලට පැමිනෙනු ඇති බවට හෙලිවනවා.