තව දුරටත් එය ඔබගෙන් ඔබ්බට වන භෞතික උපාංග මත ක්‍රියාත්මක වන ජීවිත සහකරුවෙකු නොවීම ඇරබී ඇත. ” එය ඔබගේම කොටසකි” ලෙසට නිර්වචනය වීම ඇරබෙන්නේ එබැවිනි. මුල් අර්ථ සැලකීමේදී මතක තබා ගැනීමේ සහ ගනිතමය හා තාර්කික හැකියාව යාන්ත්‍රික වීමෙන් පමනක් නතරවන සහයකයාගේ භූමිකාව ඉක්මවමින් භෞතික මොලයේ කොටසක් වීමේ සිට පෘතුවිය පමනක් නොව සමහර විටක එලබෙන අනාගතයේදී විශ්වය පුරා විසිරුනු දැනුම් පද්ධතියක හුඳු ආංශුවක් පමක් වීමේ පරිවර්ථනයට අප පිවිසෙමින් ඇත.
අන්තර්ජාලය අපට තොරතුරු හුවමාරුව සදහා වන සීමාන්තික අවකාශයක් විවෘත කර දුන්නා පමනක් නොව සංස්කෘතික, දේශපාලනික අර්ථවලට ඔබ්බෙන් වන පොදු ආකෘතිකයක් නිර්මාණය කර දී ඇත. අප නෙක දේශගුනික රටා ඔස්සේ බෙදෙන්නට පෙර වූ ඒක මිතික බවක අර්ථද අවිඥානිකව පැහැදිලි කර දී ඇත. “ක්ලවුඩ් ” අවකාශය නැවත නැවතත් ඒ බව තහවුරු කර සිටී. එල බෙන්නේ වඩාත් සංකීර්න යුගයක් වන්නේ එබැවිනි. Pubudu Siriwansa
