” සොලී රටින් ආඬි ඇවිත් උන් අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් කියන අයට මාන්නප්පෙරුම මොහොට්ටි කමුත් දී රාජ හෙට්ටියාගේ දුව යකඩ දෝලියට අරගෙන උන්නාහ. ”
යන රාජාවලි පාඨයෙන් අරිට්ට කීවෙන්ඩු පෙරුමාල් සීතාවක රාජ්‍යයට සම්බන්ද වී සිටි අයුරුත් සොලී රටෙහි සිට පැමිනි බාත් දැක්වෙයි. ශිව භක්තිකයන් වූ මේ අඬි ගුරුන් සීතාවක රාජ්‍යයේ ආරම්භයේ සිටම සම්බන්ද වී සිටි අයුරු රාජාවලියේ සදහන් වන වෙනත් තොරතුරු අනූවද සීතා ගත හැකිය. මායාදුන්නේ රජු පලමුවෙන්ම සීතාවක රාජ්‍යයේ ආරම්භක කටයුතු කලේ ආර්ය මන්ත්‍රී නම් ඇමතියෙකුගේ ආධාර ඇතිවය. උඩරට ජයවීර රජු ඇතිකල කැරැලි මැඬලීමට සේනාව යැවුවේ ආර්යමන්ත්‍රී ගේ නායකත්වයෙනි. ආර්ය යනු සොලී නාමයකි. ඔවූහු ශිව භක්තිකයෝය. සීතාවක රජ්‍යයේ එදා තිබූ තත්වය විස්තර කරන මහා වංශය –
” පියා මැරූ පාපයෙන් මිදෙනු බැරි බව ඒ රජුට භික්ෂූන් දැන්වූ විට හේ බුදු සමය අත හැර සිව සමය වැලඳ ගත්තේය. එපමනකින් නොනැවතුනු ඒ රජ භික්ෂූන් මරවා වෙහෙර විහාර නැතිකර දමා බෞද්ධ පොත් පත් පුලුස්සා දැමීය. මේ අවාසනාවන්ත කාලයේ සීතාවක සිටි භික්ෂුහු සිවුරු හැර ගියහ” යනු වෙන් සඳහන් කරයි.මේ තත්වය යටතේ ” …. කෝට්ටේ විහාර කැඩී පල්ලි ගොඩ නැගී ආ හැටිත් සීතාවක් විහාර කැඩී කෝවිල් නැගී ආ හැටිත් දැක්ක හැකිය” මේ අනූව සීතාවක රාජ්‍යයේ සිව සමය පැතිරෙමින් තිබූ අයුරුත් ආඬිගුරුන් වඩ වඩාත් රාජ්‍ය පාලනයට සම්බඳ වී බලයට පැමිනෙමින් තිබූ සැටිත් පැහැදිලි වේ. මෙය උච්චතම අවස්ථාවට පත්වූයේ අරිට්ඨකි වෙන්ඩු පෙරුමාල් මහ ඇමති කමට පත්වී මෙනි.
සීතාවක මහ ඇමති වික්‍රමසිංහ මුදලිට වස දී මරණයට පත්කිරීමෙන් පසු මහ ඇමති කමට පත්කර ගැනු ලැබුවේ අරිට්ඨකී වෙන්ඩු පෙරුමාල්ය. සිංහල මහ ඇමති කෙනෙකු වෙනු වට ආඬි ගුරෙකු පත්වූයේ සිව සමය තදින් පැතිරී තිබූ නිසා යැයි සිතිය හැකිය.මෙහුගේ පත්වීමත් සමග බුද්ධාගමට ලැබූ කල දශාව සොචනීය වේ. ශ්‍රී පාදස්ථානය වැනි බෞද්ද සිද්දස්ථාන වල අයිතිය පවා ආඬි ගුරුන්ට පැවරීය.
අරිට්ට කීව් එන්ඩු පෙරුමාල් මහ ඇමතිකමට තොරා ගැනිමට තවත් හේතුවක් තිබිය හැකිය. ඔහු කාර්ය ශූර පුද්ගලයෙක් ලෙස කටයුතු කරන්නට ඇත. කී මෙහි බිණීමෙහි දක්ශයක් වන්නට ඇත. ඒ සැමටම වඩා අනුන් වශීකර ගැනීමේ දක්ශයෙක් වන්නට ඇත. වික්‍රමසිංහ මුදලිගෙන් පසු රාජ්‍ය නයක බවට පත් මොහු එකවන රාජසිංහ රජුට පමනක් දෙවැනි වූ බව පසුව සිදුවී ඇති කරුනු වලින් පෙනේ.
– පොත පත ඇසුරෙනි.
