අවුරුදු 450 පමන කාලයක් තුල ජනවහරෙහි එන මේ කවි කාලයත් සමග වෙනස් වෙන්නට ඇතුවාට සැක නැත. පද සතරට පසුව කියන “ආඬි ගොල්ල එක එකටයි- කොක්කනම් පයිය වෙන වෙමයි” යනුවෙන් කියන ධ්‍රව පදය නැතිවද මේ කවිය ජනවහරේ පවතී. එහෙත් රාජාවලිය කියන වෙන පද කොක්ක නම් කියා යන පඨය හා කොතෙක් දුරට මේ ධ්‍රර පදය ගැල පේදැයි සිතා බලන්න. රාජකපුරු හෙට්ටියා-ඇස්ස සිඟා කාපු වෙදා- රන්තැටියේ පුදා තියා-අළුත් ගෙනා මනමාලී වැනි පද කොතරම් දුරට මානප්පෙරුම මොහොට්ටිගේ අතීත ජීවිතය හා සැසදේ දැයි බලන්න.
මේ සිව් පද ඇසීමෙන් ලැජ්ජවාට පත්වී ගමත් එපා වූ මාන්නප්පෙරුම මොහොට්ටී ගිරා ඉඹුලේ සිට රහසේම අඟුලක නැගී කඩුවෙලට ගොස් කෝට්ටේ ධර්මපාල රජු හමුවිය. බොහෝ කාලයක් සීතාවක රජ්‍ය ජයගැනීමට උත්සාහයක යෙදී සිටි ධර්මපාල රජු හා පෘතුගීසී සේනාව මාන්නප්පෙරුම් මොහොට්ටාල සාදරයෙන් පිලිගෙන “ජයවීර බණ්ඩර” යන පට බැඳි නාමයෙන් පුදනු ලැබීය. මෙතැන් සිට ඔවුහු හැඳින්වූවේ ජයවීර බණ්ඩාර යන නමිනි.
ජයවීර බණ්ඩාරගේ උදවු ඇතිව තෙමසක් පමන වු කෙටි කාලයකදී ධර්මපාල රජුට සීතාවක ජය ගැනීම හැකි විය. ඊලගට ඔහුගේ ඉලක්කය වූයේ කන්ඳ උඩරට ජය ගැනීමයි. ධර්මපල ජයවීර බභ්ඩර හ ප්‍රතිකාල් අනදෙන නිලධාරී යන අයගෙ හමුදාවෝ උඩරට ජය ගැනීමට පිටත් වී “දන්තුරේ” වෙන වෙන්ම වාඩිලා ගත්හ. හමුදාව ප්‍රබල බව දැනගත් උඩරට විමල ධර්ම සූරිය රජු උපායෙන් ජය ගැනීමට කල්පනා කලේය.
හෙට ඉර මුදුන් වීමට පෙර පරංගි හමුදාව අල්ලා දෙනු. පාතරට මම රජකම් කර උඩරටට කප්පං දෙමි. යනු පනිවිඬය ජයවීර බණ්ඩාර විසින් විමලධර්ම සූරිය රජුට ලියන ආකරයට ලියා හේවයෙකු අතට දී පරංගි වාඩිය මැදින් යන්නට සලස්වන ලදී. පරංගි හමුදාවට අසුවූ හේවායා අත තිබූ තල්පත කියවා බලා දුරදිග නොබලා ජයවීර බණ්ඩාර මරන ලදී.
– පොත පත ඇසුරෙනි.
