සීතාවක යුගය සාහිත්‍ය, කලා කටයුතු අතර එතරම්ම දිදුලන තැනක් හිමි නොකර ගන්නට නිරන්තරයෙන් වූ කලබල කාරිත්වය බල පාන්නට ඇත. ආරක්ශාව හා සතුරා මැඬලිමට වැඩි අවධානයක් නිරන්තරයෙන් යොදන්නට වීම හේතුව වන්නට ඇත. හදාරන්නන් පෙන්වා දෙන්නේ සැවුල් සංදේශය, කුස ජාතක කාව්‍ය, සුබාශිතය, තීතිසාරය, පරන්ගි හටන වැනි සාහිත්‍ය සටහන් කල දක්ෂතම පඬිවරයෙක් වූ වර්තමාන කිරිඳිවැලට නුදුරුහිස්වැල්ල ගමේ එවකට ප්‍රධානියා වූ ධර්මද්වජ පඬිතුමාගේ පුත් රුවණ වූ පසුව රජවාසලේ මුකවෙට්ටි තනතුර සමග අලගියවන්න මුකවැටිතුමාව සීතාවක යුගයේ සාහිත්‍ය කටයුතු වලදී කැපී පෙනෙන බවයි.
රාජසිංහ රජු කාලයෙන් පසුව පෘතුගීසීන්ට එකතුව කිතු දහමද වැලද ගන්නට මෙතුමා කටයුතු කර ඇති අතර ලෙල්ලුපිටියේ හටන වැනි සාහිත්‍ය සටහන් තබන්නට මෙන්ම පෘතුගීසී ප්‍රදේශවල පුද්ගලයන් හා ඉඩකඩම් පිලිබදව තෝම්බු සටහන් තබන්නටද කටයුතු කලබවට සටහන් වේ. පසුව ලන්දේසීන් සමගද එකතුව තෝම්බු ලිවීම වැනි කටයුතු කල අතර සමස්තයක් ලෙසට සැලකීමේදී සීතාවක යුගයේ සාහිත්‍ය කටයුතු අතර දිදුලන නාමයක් ලෙසට සටහන් වන්නට මෙතුමාට හැකිවීම හදාරන්නන්ගේ පිලි ගැනීමකි.