අවිස්සාවෙල්ල කුඩගම පාරේ පිහිටි ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් උත්සවය මෙවරද 2017.07.23 දින කප් සිටුවීමේ හා පහන් පූජාව සමග ආරම්භ වී 2017.07.27 දින වෛරවර් පූජාව පවත්වා අවසන් කරන්නට නියමිතය. ප්‍රදේශවාසී මෙන්ම රට වාසී බොහෝ දෙනෙකුගේ ගෞරවයට පත්‍රවන ශ්‍රී පාත්තිනි මෑනියන්ගේ ආශිර්වාදය පතා කෙරෙන මේ මහා උත්සවයේ වේල් රථය වීදී සැරීම 2017.07.25 රාත්‍රියේ සිදු වන්නට නියමිත අතර පුරා දින පහක් තිස්සේ කෙරෙන මේ උත්සවය සදහා ප්‍රදේශවාසී රටවාසී සියල්ලන්ටම කෙරෙන ආරාධනාවයි මේ.