පෘතුවි මිනිස් වර්ගයා මේ පසුකරමින් සිටින්නේ තොරතුරු යුගය යයි හදාරන්නන් පහදා දී ඇත. එක් අර්ථයකදී සියල්ල තොරතුරු බවට පමන්ක් පවා ඌනනය කරන්න හැකි බවට පැමිනෙන අර්ථයද සැලකීමේදී මේ යුගය පෘතුවිය මත බුද්ධිමත් ජීව වර්ගයා සටහන් කරමින් සිටින්නේ ඔනැම බුද්ධිමත් සංස්කෘතියක දි හමුවන වඩාත් තීරනාත්මකම හැරවුමක් ලෙසට සැලකිය හැක.  ජීවිතය අවට වන අතිමහත් සියලු අර්ථ ද්විතීක බවට හැරවෙමින් මිනිස් වේගය හා සැසදීමේදී “විදුලි සැනින්” නැවත නැවත වඩාත් අර්ථවත් ඉතොරතුරු බවට පත්කර දෙමින් මෙන්ම මිනිස් හැකියාවන් සමග සැසදීමේදී “විදුලි සැනින්” දුර සාධකය සැහෙන දුරකට පරාජය කර දෙන්න මෙම තක්ශනයට හැකිව ඇත.  හුදු ඉලක්කම් අකුරු සංකේත කිහිපයකින් ඇරබි එම ගමන අද වඩ වඩාත් තාත්වික ත්‍රිමානී ස්වරූපයක් දක්වා වර්ධනය වෙමින් නුදුරේදීම ද්විමානී තිරයෙන් ගැලවී ආලින්දය නැතිනම් කාර්යාල මෙසය මතට පැමිනෙන්නට සූදානම් බවට ඉගි පලකරමින් සිටින අතරම තවත් දෙසකින් ජීවිතයට පැමිනි තවත් හුදු උපංගයක සිට ජීවිතයේ සමීප තම සහයකයා ලෙසට වඩාත් බුද්ධිමත් මෙන්ම දක්ශ තොරතුරු ‍රැස්කරන්නෙකු පමනක් නොව ඒවා වඩාත් සජීවීව ඉහල මට්ටමකින් නැවත නැවත සැක සෙමින්  සහය වන්නට සුදානම් වෙමින් සිටී. මෙවන් අසිරිමත් විෂයක ගැන වන සටහන් පෙලකට පැමිනෙන්නට ලැබීම ජීවිතයේ ලද අපූරුතම අත්දැකීමක් බවට විස්වාස කරන්නේ එබැවිනි.

Pubudu Siriwansa – www. digilk.com