ශක්‍ර දේවේන්ද්‍රයා පින්වත් සෘෂිවරුන් පිරිසට ඉගැන්වීමේදී ආයුර්වේදය කොටස් අටකට බෙදුවා. ඒ අට වුනේ කාය චිකිත්සාව, බාල රෝග චිකිත්සාව, ඌර්ධවාංග රෝග චිකිත්සාව, භූත විද්‍යාව, ශල්‍ය විෂ චිකිත්සාව, රසායන සහ වාජීකරන යන අංශ. මේ ශල්‍යචිකිත්සාව ප්‍රමුකව ඉගෙන ගත්තේ පින්වත් ධන්වන්තරී සෘෂිවරයා . මේ සෘෂිවරයාට හිටියා ගෝල නමක්. ඒ සුශ්‍රැතැ. ඔහු ලියපු ග්‍රන්තය උනේ සුශ්‍රැත සංහිතා ශල්‍ය ග්‍රන්තය.
ආයුර්වේද වෙදකම අනූව මිනිස් සිරුර කොටස් තුනකට බෙදනු ලබනවා. ඒ ඌර්ධවාකාය, මධ්‍යකාය, අධෝකාය කියලා. මේ කොටස් තුනට තමයි චිකිත්සාකල යුත්තේ. ඒ සියලු කාය චිකිත්සා ඒ කොටස් තුනට අයිති වෙන හින්දා අපේ මීමුත්තා පරපුරට ඉතිරිකරලා ගිය ලෙඩ රෝග හැදුනම අපේම නෑයෝ සුවපත්කරන වෛද්‍ය විද්‍යාවේ පදනම තමයි මේක. මේ පදනම උඩ අපේ මී මුත්තා තව දෙයක් කයල දීලා තිබුනා. ඒ සාතක චිකිත්සාවක් කරන්න නම් හේතු සූත්‍ර, ලිංග සූත්‍ර, ඖෂධ සූත්‍ර ගැන ලොකු  දෑනුමක් ඔනේ කියන කාරනය. මේක ගැන මී මුත්තා මේ විදිහට තවත් පැහැදිලි කරලා තිබුනා. ඒ මේ විදිහට.
හේතු විවිධ ලෙඩ රෝග නිසා ඇතිවන බව. ව්‍යාධී වේදයට අනුකූලව ඇතිවන රූප හා ලක්ෂන ලිංගවන බව. ඖෂධයනු ප්‍රථිකාර සදහා මතුපිටින් යෝදන ඖෂධ බව එච්චරක් නොවෙයි, ඖෂධ ආහාර විහරන සුදුසු කල්හි, සුදුසු පරිදි, පමන දැන මැනවින් යෙදීමෙන් ප්‍රථිකාරය සාර්ථක වෙන බව. ඒ වගේම දෝෂ ධාතුමල, විංඥානය, ශරීර ශක්තිය, කාල පරිනාමය, අග්නිය, ප්‍රකුර්තිය හා වයස සාත්ම්‍ය. අසාමාභ්‍යතාව, තාත්වික ගුන, පරික්ෂාව සාර්ථක වෙද හෙද කමක් සදහා අනිවාරයෙන්ම කල යුතු බව.
ඒ වගේම මීමුත්තා ඉතුරුකරලා ආරක්ශා කරලා ගිය පැරනි පුස්කොළ පොත කියවද්දී මට හමු වෙච්ච දෙයක්. මේකේ කිය වෙන්නේ   මේවාගේ දෙයක්. එනම් කාලයත් එක්කම විශ්වයේ වෙනස් වීම් වලට හසුවන ජීවීන් ගේ වෙනස් විම් වලට බලපාන දෝෂ ධාතූන්ගේ ස්වභාවයත් බලයත් සම සමව සංසන්දනය කර තර්ක කර විමසා බලා ඇතිකරගත්, ගොඩ නගාගත්, අත්හදා බැලූ ප්‍රත්කාර ක්‍රමයක් මනා සිහිනුවනින් යුතුව භාවිතා කල යුතු බවයි.