අවිස්සාවේල්ලේ සිට රත්නපුර දෙසට යන විට අවිස්සාවේල්ල පොලිස් ස්ථානය අසලින් වැටී ඇති මාවතක් යොමුවන්නේ ආරාධනා කන්ද නම් කුඩා කඳු ගැටයක් වෙතටයි. හදාරන්නන් පවසන්නේ අතීතයේ මෙම පෙදෙසේයි බෞද්ධ ආරාමයක්, ගැබුරු ළිඳක් හා ශෛලමය ඔරුවක් මෙම පෙදෙසෙහි තිබී ඇති බවයි. වරක් මේ අවට ගෙපලක් කැපී මේදී හමුවූ බුදු පිලිම කිහිපයක් දැදිගම කෞතුකාගාරයේ තැන්පත්ව තිබෙනවා. මෙම ස්ථානයේ අදද බෝධීන්වහන්සේ නමක් ආරෝපනය කර අදද ප්‍රදේශවාසීහු ආගමික වතාවත් කරන බවට දැකිය හැකියි.
මෙම ආරාධනා කන්ඳට මදක් දුරින් වන ගැටහැති ඇල ආසන්නයෙන් වැටී තිබූ සබරගමුව මාර්ගයට දෙපසින් වන කොස් ගස් අතරින් තවමත් දක්නට ලැබෙන අති රසැති පැනි වරකා ගසක් පිලිබදවද සටහන් වෙනවා. රජමාලිගාව සදහාද වරාකා ලබා ගන්නට මෙම ගස භාවිතාව ඇති බවටයි විස්වාශය වන්නේ. සාමන්‍ය උසෙන් යුත් බෙන සහිත පැරනි මෙම වරකා ගස තවමත් හොඳින් පවතිබ බවටත් එය ආරක්ශා කර ගත යුතු බවටත් හදාරන්නන් පෙන්වා දෙනවා.
