අවිස්සාවෙල්ල- ඇහැලියගොඩ මහ මාර්ගයේ මීන්නන මංසන්ධියෙන් දඛුනට හැරී උඩුවක පරේ සැතපුම් දෙකක් පමන ගිය විට පාරේ වම්පස ඉද්දමල්ගොඩ කුමාරිහාමී නමින් ප්‍රසිද්ධව සිටි කාන්තාවක් පදිංචිවී සිටි වලව්වේ ගෙපැල හමුවේ.
රූපත්ශ්‍රීයෙන් අගතැන්ව සිටි එතුමිය වර්ණනා කිරීමට එකල සිටි කවි කිවිඳියෝ අමතක නොකලහ. මුතුකුඩයක් ඉහලා ගමන් යාම ඇගේ සිටිත විය, ඈ සද්ධාවන්ත ය. පිහිට පතා පැමිනි කිසිවෙක් හිස් අතින් ගියේ නැත. රුපත්ශ්‍රීයෙන් යුත්ත වුවත් ඈ ඒ ගැන ආඩම්බර නොවීය. සඹරගමු ජනකවියෙකුව සිටි වයිසිඤ්ඤෝ නැමැත්තා කුමාරිහාමි වෙතට පැමිනියේය. තම අවශ්‍යතාවය වූ තම ගෙපැල සෙවිල්ලා ගැනිමට අවශය වූ පිදුරු කට්ට 160 කුමාරිහාමිගෙන් ඉල්ලුවේ කවියෙනි.
පඳුරු වල ලීකපා අරගෙන හැදුවේ
යන්තම් ගේ පැලක් මට
නුදුරු තැන්වල සොයා බැලුමුත් දෙයක්
අඩුවිය මගේ ඒ ගෙට.
පිදුරු එකසිය හැටක් ඔනෑ බැවින් ඒ
ගෙය සෙවිලි කෙරුමට
නුදුරු වී එය කියමි ඉඳගෙන මහත්
ගුන පිංවන්ත මැනිකෙට
නමුත් කුමාරිහාමි වෙත තිබුන පිඳුරු අවශ්‍යතාවයක් සඳහා තබා ගත් කොටසකි. එන නිසා ලබක කන්නටයට එන ලෙස ඔහුගෙන් ඉල්ලන ලදී. එවිට කවියා

විස්ස කාලේ පටන් සිරිතක් නිසයි මම කවි කීවේ මැනිකෙ ට
දස්ස ආලේ තමයි කවදත් තියෙන්නේ ආවම වලව්ව ට
පස්ස වෙලේ ගොයම් කපනා තුරා සිටියොත් වෙන අවුල් මට
වැස්ස කාලේ ලගයි මැණිකේ වදයි දරුවත් තෙමෙයි එතකොට
කවියාගේ අවශ්‍යතාවය වටහා ගත් කුමරිහාමි තම වුවනබ්නාවට තබ අගත් පිඳුරු ඔහුට දුනි.