රත්නපුර පාරේ මීන්නාන හන්දියෙන් කිලෝමීටර දෙකක් පමන මිටිපොල මාර්ගයේ ගිය විට මාලිගාතැන්න පිහිටි කඳුගැටය හමුවේ. මෙම කඳු ගැටය මතට නැගුනු විට සතර දිශාවම හොඳින් දැකගත හැකිය. සීතාවක පාලකයෝ අරක්ෂාවටත් පරිසරයේ සුන්දරත්වයත් සලකා මෙම ස්ථානයේ තාවකලික මාලිගාවක් ඉදිකරන්නට ඇත. අද වන විට මෙම භූමිය රබර් වගාව සදහා යොදා ගෙන ඇති අතර මලිගාව තිබූ ස්ථානයේ අඩි 100*40 ප්‍රමානයේ ගොඩ නැගිල්ලක සලකුනු අදද දැකිය හැකිය.එහි ගල් ඉඩමේ ගල් වැටි දමීම සදහා භාවිතාකරගෙන ඇත. කපා ඔප මට්ටම් කල ගල් පුවරු කිහිපයක්ම මෙම ඉඩමේ විසිර ඇති අතර ගල් පුවරු කපා ගන්න භාවිතාකරන ලද විශාල ගල් කුලක්ද මෙහි වේ. ප්‍රදේශවාසීන් උමගක් ලෙසට සලකන ගල් ගුහවක්ද එම ගල් පර්වතයේ පිහිටා ඇත.එම ගල්ල්තලාවේ ස්වාභාවික පොකුනක්ද ඇති අතර පායන කාලේදී පවා මාලිගාව වෙතට ජල පහසුව ලබා දෙන්නට එය සමත් බවට කියවේ.හදාරන්නන් පවසන්නේ අද වන විට පස්ගොඩැල්ලක් බවට පත්ව ඇති මෙම ස්ථානය නිසි පුරාවිද්‍යාත්මක අධ්‍යනයක් ඔස්සේ වටිනා තොරතුරු රාශියක් සොයා ගන්න හැකිවනු ඇති බවටයි.
