Microsoft ආයතනය නිවේදනය කරනවා තම Windows Defender සමග එලබෙන මාර්තු මසයේ සිට පරිගනකයේ අනාරක්ෂිත බවට හේතු විය හැකි එහි ධාවනය වන අමතර මෘදුකාංග පිලිබඳව අවධානය යොමු කරන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ ‘scareware’ apps ලෙසට සැලකෙන cleaners නැතිනම් optimizers ආදී අකාරයේ බොහෝ මෘදුකාංග මේ ගනයට අයත්වන බවයි. පරිගණකයේ සැබෑවට නොමැති viruses නැතිනම් malware පිලිබඳව සදහ න් කරමින් භාවිතාකරන්නන්ගෙන් ගෙවීම් ලබාගන්නට කටයුතු කරන මේ මෘදුකාංග වල හැසිරීමේදී අමතර අකාරවලට ක්‍රියාත්මක වීම, විකල්ප ආකාරවල විසඳුම් නැති බව ඇගවීම, සීමිත කාලයක් තුල ගෙවීමකට යාමට බලකිරීම වැනි ලක්ෂනයන් මෙම මෘදුකාංග වලින් දක්නට ලැබෙන බවයි. මේ අනූව Microsoft ආයතනය තම anti-malware software හරහා මේ ආකාරයේ අනවශ්‍ය හා අනාරක්ෂිත මෘදුකාංග කොටස් ඉවත්කිරීම සිදුකරන බවට පවසනවා.
