දේශීය වෙදකම, ආයුර්වේදය මිනිස් සිරුර්රේ රිද්මයට සම්බන්දයි. එය අශ්වාස, ප්‍රාස්වාශ මූලික කර ගත් නාඩි, ප්‍රාන සුරකින ගැහෙන රිද්මයයි. මෙම රිද්මය වූ කලී දේශීය වෙදකමේත්, අයුර්වේදයේත් ඖෂද සංස්කරනයයි. රෝගයකට දෙනු ලබන සෑම ඖෂධයකටම තිබෙනුයේ උපරිම දිව්‍යමය ඖෂධ ගුනයක්. ඒ එම ඖෂධයන්ට ආවේනික ක්‍රියාවන්ට හිමි රිද්ම රටාවක්. රෝගයකට ගනු ලබන යම් ඖෂධයක් මිනිස් සිරුර තුල ක්‍රියාත්මක වනුයේ එම රිද්ම රටාව හැඳුනා ගෙනයි. අර්ෂ්ට , චූර්න , කල්ක , ගුලි, කෂාය ර්තෙල්, පත්තු , නස්න, වස්ති ඖෂධ විධිහට ක්‍රියාත්මක වනුයේ මිනිස් සිරුරේ රිද්ම රටාවට සමපාත වෙමිනුයි. මෙම කටයුත්ත හඳුනා ගැනීම, හදුන අගත් දෙය මැනවින් ගලපා ලීම , ගලපා ගත් දෙය පමන දැන කිරා ලබාදීම කිසි සේත් ලෙහිසි පහසු නොවේ. කෂාය වට්ටෝරු, ලිවීම තුල , පත අට එකට සිඳ , උදේ හවස වඩි , චූර්න , ගුලි ලෙස දෙනු ලබන බෙහෙත් පංගුව සෑම විටම ගැලපිය යුතුයි. මේ වෙදැදුරු අවශ්‍ය වන මොහොතයි. මේ එම මොහොතේ සරල අර්ථයයි. වෙදැදුරු කරනුයේ නිරෝගී සොබා දහම ලබා දුන් නිරෝගි මිනිසා ස්වකැමැත්තෙන් විකෘතිවූ පසු යලි නිරෝගී කර මේ ස්වභාධහමට, මහා විශ්වයට ත්‍යාග කිරීමයි , යලි ලබා දීමයි.
නිරෝගී කම , එසේත් නොමැති නම් කායික, මානසික සුවයට බලපාන ප්‍රධාන කරුනක් පැරනි සෘෂිවර පුස්ථකවල සටහන් වනුයේ මේ ආකරයටයි. මේ සෘෂි වාග්භටයන්ගේ මතයයි. එහි සිංහල අර්ථය මේ ආකාරයි.
උතුම්වෙයි කෙසඟ ගත
තරබාරුවට ඔසු නැත
මේ අනිත් කරුනයි. එනම් සෘෂිවර සුශ්‍රැත පාථයයි.
තර බවද , කෘශ බවද යන දෙකම ඇති වනුයේ රසය නිසාය. සෙම වැඩෙන ආහාර සෙව්නා වුවද අක්ලින් කෑ ආහාරය දිරවීමට මත්තෙන් නැවත ආහාර ගත්තා වුවද ඇඟ නොවෙහෙස වන්නා වූද, නිතර දවල් නිදා ගන්නා වූද පුද්ගලයගේ ආහාරජ රසය බෙහෙවින් නොපැසී තිබෙන අතර අතිශයින් මිහිරි රසවත් බවට පැමින සිරුර පුරා විසිරෙයි.
මේ හේතුවෙන් ස්නේහය අධික වෙයි. එසේ වූ විට උපදවන මේධ සිත් තර බව ඇති වෙයි. එසේ තරවූවේ වැඩි කල් නොයවාම ක්ෂුද්‍රස්වාස , පිපාසා, ශුද්‍රා, නිද්‍රා , ස්වේද, ශරීර දුර්ගන්ධ, නින්දෙන් ගෙරවීම, අප්‍රානික බව,ශොත බව යන මේවාට ගොදුරු වෙයි.
ඇට මිදුළු , ශුක්‍ර, යන සෙසු ධාතුද , නොවැඩෙන බැවින් ශරීර ශක්තිය පිරිහී ප්‍රමේහ, පීඩකා, ජ්වර, විද්‍රා, වාත විකාර යන මේරෝග අතරෙන් යම් එකකට ගොදුරුව මරු වසඟ වෙයි. සෝස්ත්‍ර වල මං ඇහිරී ඇති බැවින් , මේදස් ඉපැදීමට කරුනු වන සියල්ල වර්ජනය කල යුතුය. මේදස් ඉපැදුනු විට ශිලාජතු , ගුගුල් , ගෝමුත්‍ර, තිපල්, ලෞහචූර්න, රසාකද්ජ්ත, මී පැනි , යව, මුං , ශ්‍යමා ධාන්‍ය, වල් අමු යන මේ දස තසාලත ද්‍රව්‍ය, ජෙදනීය ද්‍රව්‍යද, ලේඛ්නීය ද්‍රව්‍යයද ප්‍රායෝගයද ව්‍යායාම ප්‍රශස්ත වේ.