දෙහිඔවිට සිට පනාවල මාර්ගයේ කි.මි.5 ක් පමන ගිය විට හිගුරල කන්දට යන මාර්ගය හමුවේ. හිඟුරල කන්ද මාර්ගයේ කි.මි 3ක් පමන ගියවිට දන්කොඹුව කඩමන්ඩිය අසලින් මද දුරක් පහලට ගියවිට සිතාවක ගඟ ගල් පර අතරින් කඩා හැලෙන සුන්දර දර්ශනය දැකගත හැකිය. එම ගං ඉවුරේ සාමාන්‍ය ප්‍රමානයේ ගල් පර්වතයක ඉර හා හඳ කොටා ඇත. එහි විශාලත්වය සාමන්‍ය පිඟනක ප්‍රමානයයි.
සීතාවක රාජසිංහ රජ දවස මෙම ප්‍රදේශයේ සිටි දම්කොඹුව නම් පුද්ගලයෙකු තමාට අයත් විශාල මැනික් ගලක් රජතුමාට පරිත්‍යාග කල බවත් එයට තුටු පඩුරක් වශයෙන් සීතාවක ගඟේ මාළු ඇල්ලිමට අවසරය ලැබුනු බවත් ඉර හඳ පවතින තුරු දම්කොඹුව හා ඔහුගේ පරපුරට සීතාවක ගඟේ මාළු ඇල්ලීමේ අවසරය ලැබුනු බවත් එය පෙන්වීමට ඉර හා හඳ ලකුනු ගලේ කෙටූ බවත් ජනප්‍රවාදයයි. ඉර හඳ පාන ගල අවට ප්‍රදේශය ගල්පර අතරින් දියකඳ කඩා හැලෙන සුන්දර පරිසරයකි. මෙම ස්ථානයේද සුන්දරත්වය නරඹා දිය නෑමට පැමිනෙන්නේ නම් ආරක්ෂාකාරීව කටයුතු කිරීම වැදගත්ය.
