අධිරාජ්‍යවාදීන්ට නතුවීමේ හැරවුම, “සිංහල බෞද්ධ” අනන්‍යතාවයට සිදුකල සංශෝධනය නැවත කවරදාකවත් අපට අත්පත්කර ගන්නට නොහැකිවූවාම පමනක් නොව සාපේශව ප්‍රායෝගික නොවීමේ ගැටලුවද අමතක කල නොහැකිය. ඔවුන් විසින් විටින් විට අපගේ අනන්‍යතාවය මත සිදුකල ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික පොලාපැනීම් විනිවිද ගොස් නැවත ඒ වටිනාකම් දකින්නට නොහැකි තරමේ දිලිසුමක්ව සටහන් ව හමාරය. සමහර විටක අප හිතනා තරමේ හුදකලා දූපතක්ම නොවීමද ඇත්තකි. කොටින්ම එය සංකීර්නයකි.
බොහෝ අයට වඩා අප වේගයෙන් යාවත්කාලීන වීම මෙන්ම බොහෝ අයට වටා අප පරිධිය කෙරවලේ සටහන් වන අනන්‍යතාවයක් වීමද එක වර සිදුවෙයි. එය මහත් වේදනාකාරී මෙන්ම ව්‍යාකූලබවක් නිර්මාණය කරවන්නකි. සරලව තේරුම් ගන්නේ නම් අවශ්‍ය අවමතරමේ දැනුමක්වත් නොලබාම වේගයෙන් ශ්‍රේණියෙන් ශ්‍රේණියෙනියට ඉහල දමනවා වැනි යමකි. එකවර සිනාසෙමින්, හඬන මනසක් ඔබේ පරිකල්පනයට හමුනොනද භෞතිකව අප පසුකරමින් සිටී.
Pubudu Siriwansa
