එක් අතකින් තත්වය පැහැදිලි වන්නේ දේශපලනය මිය යමින් තිබෙන බවකි. සාම්ප්‍රධායික දේශපාලන මනස තව දුරටත් වලංගු නොවන යථර්තය කෙමෙන් ස්ථාවර වෙමින් ඇති අතර, නව වාතාවරනය මත හොඳින් ගැලෙපෙන්නට නොහැකි වන මිනිස් පරිසරයන් සමහර විටක ලැගුම් ගන්නේ ඉතා යල් පැන ගිය ආගමික ස්වභාවයට වැඩියෙන් මිත්‍රවන පරිසරයන් මත වීම වේදනාකාරී අත්දැකීමකි. “ඔබේ පසිඳුරන් අප අප්ඩේට් කරමින් සිටී.” පැමිනෙන යුගය කෑගසා කියන පනිවිඩය එය බව හදාරන්නන් බොහොමයකගේ මතය වෙමින් ඇත. ඔබ සහ ඔබගේ වර්චුවල් “ඔබ” අතර පරතරය සාධාරන සීමව ඉක්මවීම පුද්ගල මට්ටමින් මෙන්ම සමාජ මට්ටමින්ද දරුනු වේදනාවක් නිර්මාණය කරමින් සිටී. අද ලෝකයේ මධ්‍ය ලක්ෂය තමන් යැයි විස්වාශ කරමින් සිටි ඇමරිකානු “මෑත දේශපාලන සමාජ අත්දැකීම” පවා මේ බවට සාක්ෂි පවසයි.
සමහර විටකදි අපගේ ඇල්ගෝරිතමයන් අපගේ පාලනයෙන් ගිලිහෙන්නේ තාක්ෂනිකම පමන් නොවීම ප්‍රධාන පෙලේ තොරතුරු සේවා ආයතන පවා පිලිගනිමින් තිබේ. ඔවුන්ගේ ඇගෝරිතමයන් ගේ හැසිරීම් පිලිබඳව කරන පසු කියවීම් වලදී ඔවුන් ඉතා අසරන වීම් ද කෙමෙන් බහුල වෙමින් ඇත. සමහර විටක ඒවා ඉතා තාර්කික ආකෘතියක් මත ඉදිවන අද්භූත කාරන ලෙසට පමනක් නම් කර බැහැර වන්නට හදාරන්නන් පෙලබවනු දැකිය හැක.
– Pubudu Siriwansa