Columbia University වල හදාරන්නන් පවසන්නේ DNA වල දත්ත ගබඩා කිරීමේ හා නිවැරදිව ඒවා නැවත ලබා ගැනිමේ හැකියාව වඩාත් සාර්ථක මට්ටමින් අත්හදා බලන්නට තමන් සමත්ව ඇති බවයි. ඔවුන් තම අත්හදා බැලීම් තුලදී සාර්ථකව movie මෙන්ම operating system හා වෙනත් දත්ත ගොනු සාර්ථකව ගබඩා කරන්නටත් පැසුව ඒවා නිවැරදිව ආපසු ලබා ගන්නටත් මේ වන විට සමත්ව ඇති බවකි. magnetic tapes වලින් ඇරබෙන ලෙස සැකකුවද solid state drives හා MicroSD වැනි සියලු ආකාර පසුකරමින් මෙම DNA ආකාරයට වඩා පහසුවෙන් මෙන්ම නිවැරදිව දත්ත ‍රැදවීමේ මෙන්ම නැවත ලබ දීමේ හැකියාව වන බවටයි පැහැදිලි කරන්නේ.
Microsofr වැනි ආයතනයන් සැලකීමේදී විශාල දත්ත ප්‍රමනයක් ගබඩා කරන්නට සිදුවන අතර මෙවන් ක්‍රමවේදයක් ඔස්සේ ඒ වෙතට ලැබෙන්නේ මහත් සහයක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. nucleic acid වැනි වෙනත් ක්‍රම ඔස්සේද මේ වන විට සාර්ථක මට්ටමක අත්හදා බැලීම් සිදුකර ඇති අතර විද්ද්‍යාඥයන් පෙන්වා දෙන්නේ nucleotide එකක 1.6 bits ප්‍රමානයේ දත්ත ‍රැඳවීමේ හැකියාවත් සමග DNA ග්‍රැමයක 215 petabytes ප්‍රමානයක දත්ත ‍රැදවීමේ හැකියාවක් වනු ඇති බවයි. අවුරුදු දහස් ගනනක් දුරට DNA මත රඳවන දත්ත තබ අගැනීමේ හැකියව සැලකීමේදී ඉන් අත්වන සේවය මහත් බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදාරන්නන් වැඩි දුරටත් පවසන්නේ තවමත් මේ ආකාරයට megabytes ප්‍රමානයක දත්ත ‍රැදවීමට ඩොලර් දහස් ගනනක වැය සැලකීමේදී යම් ගැටලුවක් පවතින මුත් Microsoft , Google වැනි ආයතනයන් සැලකීමේදී දැනට මත් මෙම හැකියාව පලදායී අත්පත්කර ගැනිමක් වනු ඇති බවටයි.