“මම හිතනවා මා ඔබට කරදරයක් නොවෙයි කියලා, මම් හරිනේද?” සුපුරුදු ටිබෙටියානු මිතුරා අසලට එන තෙක්ම නොහැගිනි. “අසුන් ගන්න අවසරද?” එය අවශ්‍ය අවසරයක් නොව්න බව ඔහු නොදන්නවාම නොවුනද මා කවදත් ප්‍රිය කල ආචාර ශීලීබව ඔහු සමග තවමත් එලසමය. “ගබඩා භාරකාරතුමා ඔබගේ පැමනීම දැනුම් දුන් මොහොතේම මට හිතුනා පැමින හමුවීම හොඳයි කියලා. ඉතින් .. කියන්න විස්තර…” ඔහුට අවශ්‍යවන්නේ අප හමු නොවී ගතව ගිය වසර කිහිපයතුල මා වෙත වඩාත් වැදගත්වූ තොරතුරු දැන ගන්නට විය යුතුය. මාගේ පමාවෙන් ඔහු නැවතත් දොඩමලු වන්නට විය. “ඔබ අවසන් වරට ගියාට පසුව මම වසරක් විතර ටිබෙට් වල ගතකරලා ආපසු ආවා. වඩාත් අපූරු හෑම හැන්දෑවක වාගේම උදාසනකම ඔබව මතක්වූ බව කියන්නට ඔනෑම නැහැනේ? මට මතක විදිහට දෙතුන් පාරකට වඩා තනියම බටහිර බෑවුමේ ගංගාව පැත්තේනම් ගියේ නැහැ. මම හිතන්නේ අපිට ඉක්මනින් ඒ පැත්තේ ඇවිදින්නට යන්නට පුලුවන් වේවි.”
මාගේ වෛද්‍ය මිතුරිය පිලිබද තොරතුරු ඔහු වෙතට පවසන්නට අවශ්‍ය බව හැගුනි. මම අවසන් වරට සේවය කල අධ්‍යාන ආයතනය ගැන මද තොරතුරු සමග ඊට පෙර මා සිටි එම කුඩා නගරය, අවන්හල , අපූරු කඳු යාය පිලිබදව විස්තර කර අවසානයේ ඇය පිලිබදව සඳහන් කරන්නට පටන් ගති. ඒය ජීවිතයේ සිදුවූ අපූරුතම හමුවීමක් බව පවසන්නට විතරක් නොව බලාපොරොත්තු වූවාට වඩා වැදගත් වෙමින් ජීවිතය වෙතට දැනෙන හමුවීමක් වෙමින් තිබෙන බවද පවසන්නට අවශ්‍ය විය. නිහඬව සවන් දීම සමග ඔහු ඒ පිලිබදව ගැබුරින් තේරුම් ගන්නට උත්සාහ කරන බවක් මට හැගීමද සහනයකි. “ජීවිතයේ සමහර වැදගත්ම හමුවීම් එන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුනු ආකාරයට වීම හරිම අපූරු අත්දැකීමක්. සමහර ඒවා කුනාටූන් වගේ ජීවිතය කලබන හැටි මම නොදන්නවාම නොවේ. කෝකටත් ඔබ මෙහි පැමිනීම හොද තීරනයක් වේවි. මදක් නතරව ඒ අතීතය ගැන විමසා යලිත් නතරවූ තැන සිට යායුතු දිසාව ගැන තීර්නයක් ගැනීම වඩාත් හොඳ වේවි”. සැබ වින්ම ඔහු දර්ශනය පිලිබද ආචාර උපාධියක් ලබා සිටීම හුදු හැදෑරීම් පිලිබදවම කාරනාවක් නොවන බව පැහැදිලිය. උපතින්ම එයට සුදුසු ස්වභාවයන් රැගෙන ආවෙක් බව මට හැගේ.(24)
එය සඳ මෙහෙවරට අයිති දවසක් වීම අප දෙබසට පහසුවකි. කෙමෙන් වලාකුලු අතරින් මෝදුවන අඩ සදු රුක්ෂ අතුපතරින් පෙරී පොලව මතට එන්නේ මහත් කම්මැලි ගමනින් ලෙසටය. ඈත ගම්මානයේ තැනින් තැන වන නිවේස් වලින් දැල්වෙන ගිනි මැලයන් පවසන්නේ පැහැදිලි අහස සමග අදත් තොරතුරු ගනු දෙනුවකට සූදානම් වෙමින් තිබෙන බවකි. මිනිසා යනු තවමත් හරි හැටි නොහැදෑරුනු විෂයකි. බෙදා වෙන් කරගත් විෂයන් කිහිපයක් ඔස්සේ ඔවුන් සෑහීමකට පත්ව සිටියද තවමත් ඔවුනට සංවෘතව පවතින කරුනු බොහෝම බව කලින් කලට හදාරන්නන් යෝජනා කර සිටිති. ” කොටින්ම ඔබ “ඔබම” හරිහැටි නොදන්නා කෙනෙකි”. සමස්තයක් ලෙසට ඔවුන් යෝජනා කර සිටින්නේ මේ නිසා විය යුතුය. ආශ්‍රමය වැනි තැන් එක් අතකින් පර්යේක්ෂානාගාර බඳුය. ඔබට ඔබ වෙතට එබී බලන්නට අවශ්‍ය පරිසරය හා අවශ්‍ය විට සහය සූදානම්ව එහි ඇත. ඔබ ගොඩ නැගෙන අයුරු ඔබටම පහදා ගැනීමට එහිදී සහය වන්නේ වෙන නිසිම ආකාරයකට එම එබී බැලීම කල නොහැකි නිසා වෙනි.
“දන්නවද , සමහර ජීවිතේ කාරනා තියෙනවා ගොඩක් විශ්ලේෂනයට සුදුසු නැති. සමහර අර්ධ අපැහැදිලි දේ කවරදාකවත් උවමනවට වඩා පැහැදිලි කර ගන්නට උත්සාහ නොකල යුතුයි. ඒහෙම කලාම වෙන්නේ අර දේ සමග තිබුනු පූජනීය ගෞරවනීය බව අවසන් වනවා. මම හිතන්නේ ලොකු ස්වමීන්වහන්සේ සමග ඔනෑවට වඩා ඔබේ ඔය මානසිකත්වය විවෘත කරන්නට උත්සාහ නොකල යුතුයි. සමහර විටක කඳු මුදුනතේ විහිදේන අඩි පාරවල් දිගේ ඔහේ ඇවිදයන කොට ටික දිනකින් ඔවා සියල්ල අමතකව යාවි.” ඔහු සමහර විට මම ඉතා අපහසුවට පත්වන තරමට එය ගැටලුවක් කොටගෙන සිටිනවා යැයි උපකල්පනයකට පිවිස සිටිනවා විය යුතුය. “මට මේ හැගීම් රටා බොහොම ප්‍රිය ජනක සිහින් වේදනාවල් වගේ. අත්පත් කර ගැනීමේ හැගීමකට වඩා බෙද හදා ගන්නට අපූරු ප්‍රිය තැනක් හමු උනා වගෙයි
