එය චිත්‍ර ශිල්පියෙකු ඉදිරියේ මනාලෙස සැකසූ කැන්වසයක් මෙනි. සංගීත ශිල්පියෙකු හමුවේ අපමන ස්වර පරාසයක දිවෙන නෙක හඬ රටා මවන්නට සූදානමින් සිටින කී බෝඩයකි. ගෘහනිර්මාන ශිල්පියෙකු ඉදිරියේ ඩ්‍රෝවිං බෝඩයක් වන්නට සූදානම් එය ග්‍රැ‍ෆික් නිර්මාන ශිල්පියෙකු ඉදිරියේ මනසේ මැවෙන නිශ්චල , චලන රූරටා නිමවා දෙන්නට සූදානමින් සිටින ත්‍රිමානිය පමනක් නොව චලන හැකියාවෙන්ද යුත් සටහන් පොතකි. එහි හැකියා අවකාශය අපමනය.මද දැනුවත්වීමකින් අනතුරුව පහසුවෙන් වෘතීය අවශ්‍යතාවය සමග එක්වන්නට එය දිනෙන් දින වඩ වඩාත් සූදානම් වෙමින් සිටිනු දැකිය හැකිය.
එහි භෞතික තලයේ වන ලොහමය හා ප්ලස්ටික් ස්වභාවයන් තවදුරටත් අදාල නොවේ. ඊලග තලයේ දී හමුවන ඉලොක්ට්‍රොනික බව අමතක කරන්නට පහසුය. ක්‍රියාත්මක කල සැනින් ඔබගේ අවැසි තලයක සහය සපයන ක්‍රියාකාරීත්වයක් අපහසුවකින් තොරව අත්විඳින්නට හැකිවන ලෙසට නිමවෙමින් වෙළඳ පොලවෙත පිවිසෙන්නට එය සමත්ව ඇත. තවදුරටත් එහි වන දෘඩාංග මට්ටම හෝ ඉලෙක්ට්‍රොනික බව විටින් විට ඉස්මතුවෙමින් ඔබව අපහසුතාවයට පත්කරන්නට එයට අවශ්‍යව නැත.
තොරතුරු අවකාශය මුල්ස්වභාවයෙන් ජාතිවාදී, ආගම්වාදී හෝ අශීලාචාරසම්පන්න වන්නේ නැත. එය තාක්ෂනයකි. එහි ඇති වේගවත් බව හ නිවැරදී බව වාගේම දුර නැමති බාදකය පහසුවෙන් ඉක්මවා යාමේ හැකියව වැනි අපූර්වතා සමග වඩත් සිත්ගන්නා සුළු දෛනික භාවිතාවනට වඩාත් නම්‍ය ස්වරූපයන්ගෙන් සමන්විත ව අප වෙත පැමින ඇත්තකි. එහෙත් එයට ස්වංවිනයක්, නැතිනම් තම ඉදිවනු තාක්ෂනික ක්‍රම උපාය ඉක්මවා යන සදාචාර හෝ නෛතික දැනුමක් සමග පැමින නැත. එය මත්තේ සැකසෙන ගබඩාවන තොරතුරු ගොනුවක් කොතරම් අශීලාචෑද නීතිවිරෝධීද යන්න විමසන්නට මුල් ස්වභාවයෙන් එය ‍රැගෙන ආ පෙරනයන් නැතිවීම එහිවන වරදක් ලෙසට හඳුනා ගැනීම කොතරම් නිවැරදිදැයි අප වටහා ගත යුතුය. ද්වීතික නැතිනම්ත් තෘතීක මට්ටම් වලදී නිර්මානය වී ඇති මේ සමහර පෙරනයන් කොතරම් දුරට සාර්ථකද නැද්ද යනත් එහි වරද නොවේ.
එය බලාපොරොත්තුවන භාවිතකරන්නෙකු සිටී. මාධයයක් ලෙසට සැලකීමේදී රූප්වාහිනිය නැත්නම් ගුවන් විදුලිය සමග සිටි භාවිතාකරන්නාට වඩා දියුනු අයෙක් එය බලපොරොත්තුවන්නේ අන්තර්ජාලය සමග වඩාත් පෞද්ගලික ආකාරයට සකසා ගත හැකි මාධ්‍ය භාවිතාවක් එය ‍රැගෙන විත් ඇති බැවිනි. හිංසනාත්මක ව නැතිනම් අපචාරශීලි දෑ වැඩියෙන් නරබන්නට ගැනෙන විට වෙළඳ හෝ වෙනත් අරමුනු සමග වැඩි වැඩි යෙන් එවැන් දෑ අන්තර්ජාලය මතට ගෙන ඒම සිදුවීම දැකිය හැක. ජාල හැකියාව භාවිතා කරන්නෙකු ලෙසට වඩාත් දියුනු අයෙක් එය බලපොරොත්තු වන්නේ තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් වඩාත් නිවැරදිව හා වේගවත්ව එය ඔස්සේ ඉ‍ටුකරගන්නවා මෙන්ම එය අනෙකුගේ පෞද්ගලිකත්වයට එගී බලන්නටද පහසු කවුලුවක් වන බැවිනි. සැම උපකරනයක්ම බලපොරොත්තුවන භාවිතාකරන්නෙකු සීටී. මෙය වැරදුනු අවස්තා පැහැහිලි කරන්නට අපූරු ජනවහරක් පැමිනේ. එනම් “වඳුරාට දැලිපිහිය අහු උනා වාගේ” ලෙසටය.

www.digilk.com

Pubudu Siriwansa