එලබෙන වසර විස්ස තිහ අතර පෘතුවියේ මිනිස් සංස්කෘතීන් මත වඩාත් තීරනාත්මක හැරවුමක් සටහන් වන බවට හදාරන්නන් වැඩි වැඩියෙන් මත පලකරමින් සිටින පෙනෙනවා. තොරතුරු තක්ශනය නැතිනම් තොරතුරු හැකියාව ක්‍රමයෙන් ද්විමාන තිරයෙන් මිදී ත්‍රීමානී බවද පසුකරමින්  උපාංග වෙතට ද සංක්‍රමනය වෙමින් සිටීම මෙයට හේතුවයි. නගරයට ඔබ්බෙන් වන විශාල ගෙවි පොලෙහි බීජ රෝපනයේ සිට අස්වැන්න නෙලීම දක්වාත් ඒවා පරිභෝජනය කරන්නාගේ නිවසේ මුලු තැන්ගෙය දක්වාත් පමනක් නොව පිසී ආහාර මේසය මතට පැමිනීම දක්වාත් සියල්ල ස්වංක්‍රීයකරනයට අවශ්‍ය සියලු පහසුකම් අත්හදා බැලීමේ සීමාවද පසුකර තහවුරුව අවසාන බව ට මේ වන විට විවිධ තාක්ශන ආයතනයන් නිවේදය කර ඇති බව සරල කාරනයක්.
මිනිස් ශිස්ථාචාරයේ විශාල කාලයක් කෙලින්ම මිනිස් ශ්‍රමය මැදිහත් වීම තුල සිදුව ඇති අපමනක් කාරනයක් මේ ආකාරයට කෘතීම බුද්ධිය මැදිහත් වන යාත්‍රීක බව අත්පත්කර ගැනීම පිලිබඳව ගැටලුකාරී  විය හැකි පරිසරයද අපට මග හරින්නට නොහැකි වනු ඇති. කොටින්ම මුදල් භාවිතය තොර, කඩදාසි පොත්පත් භාවිතයෙන් තොර තර්කානුකූල තීර්න වලදී විශාල කරුනු හා අත්දැකීම් මතකයන් ප්‍රමානයක් සමග මැදිහත් වන කෘතීම බුද්ධියත් පිලිබඳව ඇතිවන බිය මෙන්ම දෛනික ලෝකයේ ක්‍රියාකාරකම වෙතට එන්න නියමිත මිනිස් පැය අපමන ප්‍රමානයක නිදහස් වීම වඩාත් ගැටලුවක් වේවි. වඩ වඩාත් යාන්ත්‍රික වී හා වෙමින් ඇති මිනිස් ජීවිත සදහා මේ නව තත්වය අභියෝගයක් වීම ආර්ථික දේශපාලනික මෙන්ම සංස්කෘතික ගැටලුවක් වීමද ක්‍රමයෙන් විසදෙන මුත් වෙගයෙන් පැමිනෙන ගැටලුවක් වේවි.
වඩාත්ම අපූරු කාරනයක් වනු ඇත්තේ මිනිස් වර්ගයාට නැවත නව අර්ථයකින් තම දෛනික ජීවිතවල සිට ආගමින මෙන්ම දර්ශනික කාරනා පිලිබඳ සිතන්නට විමයි. වඩාත්ම සරල අකරයෙන් පැහැදිලි කල හොත් ඔවුනට නැවත නිර්මාණශීලී වන්නට සිදු වීමයි. බොහෝ දුරට මෙම නව අවකාශය ඔවුනට තම ජීවිත ගැන පමනක් නොව තම පෘතුවි නිවසේ සිට ඈතට දිවෙන අනන්ත අවකාශය පිලිබඳවම නව අර්ථවලට යන්න සිදුවේවි. තොරතුරු යුගයේ පසු අවදියක් වන් කෘතීම බුද්ධිය යන්ත්‍ර ගතව සරල ඒකාකාරී මිනිස් ක්‍රියාකාරකම් වල සිට දත්ත හා පෙර අත්දැකීම් මත තීරන ගැනීම සාමාන්‍ය කාරනාවක් වන මෙම යුගය මිනිස් වර්ගයාගේ මිලග තීරනාත්මක හැරවුමක් ලෙසට අපට බලාපොරොත්තු විය හැකියි.

– Pubudu Siriwansa