සිව් රඟ සේනාව පිරිවරා පෘතුගීසීන් වෙතට කඩා පනිනනා රජසිංහ රජතුමන් ගැන රාජාවලී යෙහි කතුතුමා සඳහන් කරන්නේ මෙලෙසය” රාජසිංහ රජ අසුට නැගී විහිදුවා සේනාව වටකර දුවමින් රණ යුධ ගිණි කෙළි කොටන කොට දුරුතු මස මීදුම මෙන් වෙඩි දුම් පටලා ගෙන සිටින සඳ මුල්ලේරියා වෙල මැද ලේ වතුර කොට ප්-රතිකාල් සේනාවට අඩියක් පස්සට යන්නට නෑර කොටා…” ලෙසටය. ක්‍රි.ව. 1580 දී මායාදුන්නේ රජතුමා විශ්‍රාම ගත් අතර ක්‍රි.ව. 1581 දී මායාදුන්නේ රජතුමන්ගේ අභාවය අසා දැන ගන්නා පෘතුගීසීන් හා කෝට්ටේ සේනාවන් මුල්ලේරියාවෙලේ කඳවුරු බැද ගත් බවත් මායාදුන්නේ පිය රජතුමන්ගෙන් අනතුරුව රාජත්වයට පත්වන රාජසිංහ රජතුමන් තම රණ ශූරත්වය සමග කල සටනේදී පෘතුගීසීන් ලබන පරාජය ඉතිහාසය තුල ලියවෙන්නේ බටහිර ජාතීන් පෙරදිගදී ලැබූ දරුනුතම පරාජය මුල්ලේරියාවේදී ලත් පරාජය ලෙසටයි.
යලිත් ක්‍රි.ව. 1587 ජූනි මාසයේදී 50000ක යුධ සේනාවක් සමග ඇතුන් 2200ක්ද පිරිවරා ගෙන සිතාවක හමුදාව්qඅ කොළඹ කොටුව ආක්‍රමනය කරන්නට යෙදුනු අතර එහිදී යලිත් වරක් පෘතුගීසීන් කොළඹ කොටුවට සීමා කරන්නට කටයුතු කරන ලදී. මෙහිදී රජසිංහ රජතුමන් ප්‍රමුක රනකාමීන් කොළඹ් කොටුව මුහුද දෙන්ද කොටුකල බවත් එහිදී යුධ නැව් මෙන්ම කුඩා යාත්‍රා සියගනනක් භාවිතා වූ බවටත් සඳහන්සේ. ඉතිහාසය හදාරන්නන් පෙන්වා දෙන්නේ සීතාවක යුධ බලයේ උපරිම අවස්ථාව ලෙසට මෙම කොළඹ කොටුවට සිදුකල ආක්‍රමනය හඳුනා ගත හැකි බවයි.
