ඔවුන් උත්සාහ කරමින් සිටින “දෙය” මෙසේ පැහැදිලි කරන්නට හැකියි. එනම් “ඔබ” මතට “නැවත නිර්මාණිත” ඔබව ‍රැගන් ඒම ලෙසට. මම හිතන්නේ මේ හැරවුම මිනිස් කථාන්දරයේ තවත් තීරනාත්මක ඉසව්වකට පිවිසීමක් වේවි. සියලු සාම්ප්‍රධයික අවකාශ නැවත අභියෝගයකට ලක් කරන මොහොතක් වේවි. දේශපාලනික, අර්ථික, සංස්කෘතික සියලු අර්ථ සදහා නැවත විවරනයන් ඉල්ල සිටින අවස්ථාවෙක් වේවි. අපි දන්නවා සියලුම පාහේ තොරතුරු අවකාශයේ පෙර ගමන්කාර සමාගම් වලට අවශ්‍ය වෙලා තියෙනවා ඔබ මතට වඩාත් පෞද්ගලික වෙමින් ඔබ සදහා වඩාත් සැසදෙන වර්චුවල් “ඔබව” නිර්මාණය කරන්නට. තවත් දෙසකින් පවසන්නේ නම් ඔබ වෙනුවට තවත් “ඔබ” කෙනෙක් වර්චුවලි නිර්මාණය කර ගන්නට. මූලිකවම මේක වෙළඳ කරනවක් බවට කිසිදු තර්කයක් නැහැ. හැබැයි ඒහා සමාන්තරවම ඔවුන් දක්ශ වෙමින් තිබෙනවා ප්‍රාථමික වෙළඳ ස්වභාවය ඉක්මවන ස්වරූපයේ අනන්‍යතාවයකින් මේ අවකාශය නිර්මාණය කරන්නට.
ඔවුන් ක්‍රමයෙන් කරමින් සිටින්නේ අනාගතයේ ඔබගේ සමාජජාලා සර්වරයේ නිර්මාණය වන “වර්චුවල්” ඔබව නිර්මාණය කිරීමයි. ඔබගේ දත්ත අනන්‍යතා සර්වරයේ “ඔබව නියෝජනය වන වර්චුවල් ඔබව” නිර්මාණය කර තැබීමයි. මේ වර්චුවල් ඔබට සැබෑ ඔබගේ සිතුම් පැතුම්, අවශ්‍යතා “අධි ඔබ කෙනෙකු” ඔස්සේ ඉ‍ටුකර දෙන්නට හැකි වේවි. මේක සංකීර්න අවස්ථාවක් වනවා නිසකවම. දේශපාලනික මෙන්ම සංස්කෘතික විතැන්වීම් පරිධියේ කෙරවල අවකාශයන්ට විශාල ගැටලුවක් වේවි. හැබැයි මේක භ්‍යානක තත්වයක්ශ නැතිනම් ආශිර්වාදයක්ද යන්න ප්‍රයෝගිකව නිර්වචනය කරන්නට දැනට අප සතුවන ආර්ථික දේශපාලනික අර්ථයන්ට හැකිවේවිද යන්න ප්‍රශ්නයක්. ඒකට හේතුව මේ විෂයන් නොවෑඩෙන හරිම සාම්ප්‍රධායික සීමා වල තවමත් සිටීම.
– Pubudu Siriwansa