සීතාවක ගග අසබඩ ගොඩ නගා තිබූ සීතාවක රාජධානිය කාලයේ හැටියට විශාල රාජධනියක් විය. සීතාවක ගඟත්, ගැටහැත්තේ ඇලත් අතර රාජමලිගය පිහිටා තිබුනි. මෙම මාලිගයට ගොඩ වීම සදහා විශාල පඩිපෙලක් පිහිටා තිබුනි. මලිගයේ හතර පැත්තෙන්ම දොරටු පිහිටා තිබුනි. සතුරු ආක්‍රමන වැලක්වීම පිනිස පවුරක්ද ඇත. සීතාවක ගග තරනය කර මාලිගයට එලවරම පිවිසීමට අපහසු නිසා ගඟ පිහිටීම ස්වභාවික ආරක්ෂාවක් විය. මාලිගය අසලින්ම “බැරැන්ඩි” කෝවිල පිහිටා තිබුනි. මෙම භෛරව කෝවිල ඉතාමත් අලංකාර සිත්ගත් සිද්ධස්ථානයකි. අලංකාර කැටයම් වලින් හෙබි කුළුනු කනු මෙන්ම දොරජනෙල් මෙහි පිහිටියේය. නොයෙක් ලෝහ වර්ගී වලින් සැදුම්ලත් දේව පිලිම සිය ගනනකි. භෛරව දෙවියා නිධාන ආරක්ෂා කරන දෙවියෙකි. මේ නිසාම දෙවොලතුල මහත් ධනස්කඳයක් ඇතැයි නොරෙඤ්ඤෝගේ විස්වාසයයි. සීතාවක මාලිගය සහ දෙවොල මිඳ දමමින් සැගවුනු ඉසුරු සෙවීමට ප්‍රථිරාජවරයා වහාම යුහුසුළු විය.
ඔහුට අවශ්‍ය වුයේ හැකිතාක් වස්තුව එකතු කොට ආපසු නොපමාව කෝට්ටේ වෙත පසු බැසීමටය. මේ මංකොල්ලයෙන් පසු කෝට්ටේ වෙත පැමිනි මේ සාහසිකයා තමාගේ තත්වයද අමතක කරමින් සාමාන්‍ය වැසියන් පැලැඳ සිටි හවඩි, කූරු, කරාබු, මාල, සුර , දරුවන් කරේ ශමා සිටි පංචායුධ මාල පවා උදුරා ගැනීමට පෘතුගීසී හමුදා භටයිනට අවසර දුනි. මේ සාහසික ක්‍රියාව වීදීය බංඩාර විසින් තරයේ හෙලා දකින් ලදී. මෙ අසමග පෘතුගීසීන් සහ ඔවුන්ට ගැතිකම් කල සිංහල නිලධාරීන් ගෙන් තමාට පහර එල්ල්වේයැයි සිතූ වීදීය බංඩාර තම සගයන් සමග රජවාසල හැරදමා පලා ගියහ. මින් පසු පෘතුගීසීන්ගේ ගැත්තෙකු වන සෙම්බප් පෙරුමාල්, දර්මපාල කුමාරයාගේ ආරක්ෂකයා වශයෙන් පත්කරන ලදී. පසුව සෙම්බප් පෙරුමාල්ගෙන් විශාල වන්දියක් ඉල්ලා ඔහු ප්‍රාන ඇපකරුවෙකු වශයෙන් ප්‍රථිරාජයා විසින් තබා ගන්නා ලදී. මෙයින් කොටසක් දුන් පෙරුමාල් අන්තිමේදී තම කරේ තිබූ රන් මාලය ප්‍රථිරාජවරයාට දී බෙරුනේය.තවත් එකතුකර ගැනීමට දෙයක් නැති නිසා මේ දූෂිත ප්‍රථිරාජ තෙම ඉන්දියාව බලා මින් පසු පිටත් විය. ඔහුගේ පිටත් වීමෙන් පසු වීදීය බංඩාර කෝට්ටේ වෙත ආපසු පැමින තම බලය ස්ථාවර තත්වයට නැවත පත්කර ගත්තේය. මාලිගයේ නවතා සිටි පෘතුගීසීන් මරාදමා කෝට්ටේ රාජධානිය තුල සිටි මිෂනරිවරුන්ද පන්නා දමන ලදී. ක්‍රිස්තියානිය පැතිරවීමද ඔහු විසින් තහනම් කරන ලදී. මෙතෙක් පෘතුගීසීන් සහ රාජමාලිගාව අතර තිබූ හොඳ හිත මේ නිසා නැති විය. නොරොඤ්ඤාගේ පහත්ක්‍රියා කලාපය පසුව පෘතුගාලයේ රජුගේ විවේචනයට පවා ලක්වූ බව සඳහන් වේ.
– පොත පත ඇසුරෙනි
