සක් දෙවිඳු උගැන්මෙන් පින්වත් සෘෂිවරු න් ගෙන් ආයුර්වේදය රචිතයි. හෙලයේ ආදිතම හෙල වෙදැදුරන්ගෙන් පාරම්පරික දේශීය වේදකම රචිතයි. ආයුර්වේදයත්, හෙල වෙදකමත් ඒචිත පුස්කොල පොත් මූල ග්‍රන්තයි. එම මූල ග්‍රන්ත පොදුවේ මෙසේ කියයි.
වෙදැදුරු පරිපූර්න විය යුතුයි. එය වෙද කමෙන් පමනක් නොවිය යුතුයි. වෙදකමට, ඖෂධ සංස්කරනයත් , ඖෂධ ප්‍රමිතිකරනයත් ඇතුලත් විය යුතුයි. රෝග නිශ්චය කරන , ප්‍රථිකාරය තීර්නය කරන , ප්‍රථිකාරය කරන හෙල වෙදැදුරු හෝ ආයුර්වේද වෙදැදුරුම ඖෂධ සංස්කරනය , ඖෂධ ප්‍රමිතිකරනය කල යුතුයි. එමගින් සැම විටකම අලුත් ඖෂධ රෝගියාට ලැබෙයි. ඖෂධ ගුනයද ‍රැකෙයි.
මේ හෙල සහ ආයුර්වෙද වෙදකමේ සැගවූ පොදු රහසයි. මේ රහස වෙදැදුරන්ට එක් දෙයක් නියම කරයි. එම රහස සීතාවක රාජසිංහ රජුගේ බිසවට වේදකම් කල අපේ පරම් පරාව අදටත් සුරකියි. දහහතරවන පරම් පරාවේ පුරුක ලෙස මහත් අභිමානයෙන් රෝගීන්ට කියා දුන් එම රහස් මෙසේයි. බලන්න, ඔබට ප්‍රථිකාර කරන හෙල වෙදදුරු සහ ආයුර්වේද වෙදැදුරු එම රහස ඔබට කියාද තිබෙනව කියා. මේ එම රහසයි.
වෙදැදුරු රෝගියාට කිසි විටකත් වෙද කමේ මූලික හරය නොසැගෛය යුතුයි. හිරු එලිය, සඳ එලිය ලොවට තම ප්‍රානවත් ‍රැස් ධාරා නොසඟවා ලබා දෙන්නාක් මෙන් , වෙදැදුරු අභිමුවට පැමිනෙන රෝගියා හට මෙම රහස පැවසිය යුතුයි. එන රහසට අදාල ප්‍රායෝගික තත්වයන් ක්‍රියාත්මක කල යුතුයි.
සියලුම හෙල , ආයුර්වේද ඖෂදවල ගුනය වර්ෂයකින් පසු හීන වෙයි. ඒ බව දන්නා වෙදැදුරු රෝගියාට ගුන හීන නොවූ ඖෂද ලබාදිය යුතුයි. මෙහිදී වෙදැදුරුට නියමවූ එක් කාරයක් තිබේ. ඒ ඖෂද සංස්කරනය සහ ප්‍රමිථි කරනයයි. මෙයින් කියනුයේ වෙදැදුරු ගුනවත් ඖෂධ වර්ග සොයා ගුනැති ඖෂධ නිෂ්පාදනය කල යුතු බවයි.
එසේ කරනු ලබන වෙදැදුරු රෝගියා සම්බන්දයෙන් කටයුතු කරනුයේ සෘSජිවරයෙකු හා සමානවයි. එවිට, වෙදැදුරු සෑම විටකම නිපදවනුයේ නිශ්චිත රෝගීන් ප්‍රමානයකට පමනක් ලබාදිය හැකි අලුත් ඖෂධයි. අලුත් ඖෂධ අලුත් , පරන  රෝගියාට ලබා දුන් විට රෝගය සුව වෙයි. පරන ඖෂධ අලුත්, පරන  රෝගියාට ලබා දුන් විට රෝගය සුව නොවෙයි. මෙවන් වෙදැදුරන්ට ඖෂධ කලෛකුත්වීමේ දිනය බල නොපායි. මන්ද යත් , කල් ඉකුත්වීමේ දිනය තෙක් ඖෂධ තොග පිටින් නිෂ්පාදනය කිරීමක් හෝ ගබඩා කිරීමක් එවන් වෙදැදු‍රැන් වෙතින් සිදු නොවන නිසායි.