යම් රෝගියෙකු වෙදැදුරු ලගට එනුයේ මගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටිමිනුයි. මෙහිදී වෙදැදුරු ගේ කාර්යය වනුයේ එම ජීවිතය රෝගියාට උරුම කර දීමයි. ඒ සදහ වන සාධකය ඖෂද වන කල්හි එම ඖෂධ ජීවත්වන සොබා දහමෙන්ම ලබා ගන්නා කල්හි ගුනවත් පල පුරුදු දක්ෂ වෙදැදුරු යම් යම් නියමයන් ඒ සම්බන්දයෙන් සැලකිය යුතුයි. මේ එම සැලකීම පිලිබඳ වන පුරාන වෙදැදුරන්ගේත් පින්වත් සෘෂිවරයන්ගේත් මතයයි. නියමයයි. වෙදැදුරු සොබාදහමට විරුද්ධ නොවිය යුතුයි. සොබා දහමේද ජීවිතත් වීමටත් ජීවිතය් පවත්වාගෙන යෑමටත් උපකාරී වන , නොසුදුසු කොටස් තිබේ. වෙදැදුරු ඒ බව දත යුතුයි. සොබා දහමේ කොටස් එකතුවී නිර්මානය වූ මිනිසාට සොබා දහමේ යහපත් දෑ පමනක් ලැබුනු කල්හි ශරීරය නිරෝගී වෙයි. ඒ වෙනු වෙන් කල යුතු දෑ මේවායි.
ඖෂධ වර්ග ලබා ගැනීම යනු ඒවා පෘතුවියෙන් උරා ගැනීමයි. පෘතුවිය යනු මිහිමවයි. මිහිකතයි. මහීකාන්තාවයි. ඖෂධ යනු මිහිකතගේ ඇකයේ වැඩෙන දරුවනුයි. මෙයින් කියනුයේ ඖෂධ වර්ග උරා ගැනීමමිහිකතගේ දරුවන් බලහත්කාරයෙන් ලබා ගැනීම යන්නයි. ඒසේ වූ විට මිහිමවට කේන්තියක් ඇතිවේ.දුකක්, වේදනාවක් ගෙන දේ. එවිට මිහිමව කම්පාවෙයි. කම්පිත ගුනට ආකල්හි එහි ගුනයක් , යහපත්ක් දක්නට නොලැබේ. මෙය ගුනවත් වෙදැදුරුත් දත යුතුයි.
මේවා දත් ගුනවත් වෛද්‍යවරයා පලමු කොට ඖෂධ උරා ගන්නා භූමිය සධාරන බිම් පෙදෙසක් කල යුතුයි. සාධරන බිම් පෙදෙස ලෙස හඳුන්වනුයේ “ජාංගල” “අනූප” ගුන දෙකකින් පිරිපුන් බිම් පෙදෙසයි.
ඖෂධ වර්ග නම් දරුවන් මහීකාන්තාවගේ ඇකයෙන් උදුරු ගැනීම කරනු ලබන්නා කල්යුතු වෙදකම් නියමයන් කිහිපයන් තිබේ. ඒ මෙසේයි.
පලමුව සුබදිනයක් ‍තෝරා ගත යුතුයි. එම සුබ දිනයට සුබ නැකැත්, සුබ හෝරා ඇතුලත් විය යුතුයි. ඒම දිනයේ උදේ ‍රැයින් නැගිට සතු‍ටු සිතින් සිටිය යුතුයි. පිරිසිදු විය යුතුයි. එය බාහිර සහ අභ්‍යන්තර ලෙසිනුයි. මෙම කාලය තුල කථාබහ නොකල යුතුයි. ඉර නැගෙන දිසාව එනම් නැගෙන හිර බැලිය යුතුයි. ආයුර්වේදයට අනූව ශිව දෙවියනුත් හෙලයන්ට අනූව මිහිකථත් සිහිකල යුතුයි. පසුව තමන් කලින් ‍තෝරා ගත් සාධාරන බි ම් පෙදෙසට ගොස් එය වැදිය යුතුයි. උතුරු දෙස බැලිය යුතුයි. තමන් කිරීමට යන කටයුත්ත ඇසුරු කල යුතුයි. ඖෂධ වර්ග උදුරා ගතයුත්තේ ඉන් පසුවයි.
ඖෂධ උදුරා ගන්නා සාධරන බිම් පෙදෙසේ තුඹස් නොතිබිය යුතුයි. අපිරිසිදු නොවිය යුතුයි. පිලිකුල් නොවිය යුතුයි. ජලය බහුල නොවිය යුතුයි. හොහොන් බිමක් නොවිය යුතුයි. කර මැටි බිමක් නොවිය යුතුයි. මංමාවත් නොතිබිය යුතුයි, පනුවන් කන ලද ගහකොල නොතිබිය යුතුයි. ගින්නට හසුවී නිතිබිය යුතුයි. හිමවලින් වැසී නොතිබිය යුතුයි.මේ කාරනා වලට හසුවූ ඖෂධයන් කිසිදු යහපත් කටයුත්තක් කිරීමටත් , යම් ගුනයක් ලබ දිමටත් අසමත් වන බව දත යුතුයි.
ඖෂධ වර්ග උදුරා ගැනීමට සුදුසු කාලයක්ද වෙද කමේ නියමයන් දක්වයි. ඒ වඩාත් සුදුසු සරත්කාලය යන්නයි. ඒ සරත් කාලයේ සැම ඖෂධයක්ම රසවලින් පරිපූර්න වන නිසායි.

DR MMM Irshad