දේව වන්දනාව අතීතයෙන් අපට ලැබුනු දායාදයකි. යම් දෙවි කෙනෙකු පිලිබඳ ඇති වූ විශ්වාසය පසුකාලයක සංකෘතියේ විවිධ අංශ පුආ පැතිරී යන බල වේගයක් බවට පත්වේ. සීතාවක අවට ජනංප්‍රියවූ දෙවි දේවතාවන් රැසකි.
1. කතරගම දෙවියෝ
2. සමන් දෙවියෝ
3. පත්තිනි දෙවියෝ
4. ගනේගොඩ දෙවියෝ
5. රන්වල දෙවියෝ
කතරගම දෙවියෝ
වර්තමානයේ ලාංකික දෙවිදේවතාවුන් අතරින් ප්‍රධාන තැන කතරගම දෙවියන්ට හිමිවේ. මෙම දෙවියන්ට මුහුනු සයකි අත් දොලසකි. මොනරෙකු වාහනයකර ලොව සැරි සරනු ලැබේ. අතීතයේ කතරගම රාජධානිය කරගත් මහසේන රජතුමා මරනින් මතු දේව වත්වයට පත්වු බව ජනංප්‍රවාදයක් පවතී. දුටුගැමුනු රජතුමා යුද්ධයට යන විට කතරගම දෙවියන් සහය දුන් බවත් යුද්ධය ජයගත් රජතුමා කතරගම දේවාලය ඉදිකලබවත් ජනංප්‍රවාදයේ පවතී.
රණකාමී මායාදුන්නේ රජතුමාට යුද්ධයට දක්ශ පුත් කුමාරයෙකු නොවීය. පෘතුගීසීන් හා යුද්ධයකින් පැරදී සීතාවක අත හැර පලා ගිය රජතුමා දේවිය සමග කතරගම දෙවාලයට ගියේය. ශක්තිමත් පුත් කුමරෙකු පතා දෙවියන්ට යාඥා කලහ. මායාදුන්නේ දේවිය තම දිගු කෙවැටිය කපා එයින් දේවාල භූමිය අමදමින් යාඥා කලහ. එදින රාත්‍රියේ දේවියට සිහිනෙන් පෙනී සිටි කතරගම දෙවියෝ රණකාමී ශක්තිමත් පුත් කුමරෙක් ඉපැදෙන බව ප්‍රකශ කලහ. සීතාවක් රාජධානියෙන් අසහාය වීරයා වූ ටිකිරි බංඩර හෙවත් පලමු රාජසිංහ රජතුමා මෙම පුත් කුමරාය. මෙතුමා උපන් දිනයේ කොළඹ කොටුවේ පවුරු ඉරිතලා ගියේලු. කුඩා කල පටන්ම රණකාමී රාජසිංහ කුමරාසතුරන් හා යුදවැදීමේදී කඳ සුරිඳු ආශිර්වාදය නොවඩුවම ලැබීය.
සීතාවක රජ දවස ඉදිවූ කතරගම දේවාල
1. සොරගුණේ කතරගම දේවලය
2. අම්මඩුව කුඩා කතරගම දේවාලය
3. නිවිතිගල කුඩා කතරගම දේවාලය
4. කෑගල්ලේ දේවාලේගම පිහිටි බමුනුගම කතරගම දේවාලය
ආදිය ටාජසිංහ රජතුමාගේ අනුග්‍රහ ලැබූ දේවාල අතරින් කිහිපයකි.