රජමාලිගයේ සිට බැ‍රැන්ඩි කෝවිලට ගමන් කිරීමට රජ දවස සීතාවක ගග හරහා අඩි 14 පමන පලල පාලමක් තිබූ බවට සාධක ලෙස අඩි 1.5*1.5 ගල් වලවල් දෙකක් ගඟ ඉවුරේ දැක ගත හැකිය. ඉතිරි වලවල් වැල්ලට යට වන්නට ඇත. රාජ සිංහ රජතුමාට එරෙහි වූ භික්ෂූන් වහන්සේලා 60 ඈඳුත්තක් (120) කනාමැදිරි වල නම් දියවලෙහි ගිල්වා මරා දැමූ බව ජනංප්‍රවාදයක් පවතී. මෙම මතය තහවුරු කිරිමට කිසිදු පිලිගත් මූලාංශ්‍රයක් හමුවී නැත. රාජසිංහ රජතුමාගේ පුත් කුමරු මරාදමා අසත්‍ය ප්‍රචාරය කර රජය පෙරලීමට කුමන්ත්‍රනය කල භික්ෂූන්ට මෙම ස්ථානයේ දඩුවම් දෙන්නට ඇතැයි සිතිය හැකිය. ශ්‍රීපාද අඩවියෙන් ගලා එන සිතාවක ගඟ අංශක 45 ක් හැඩැයට වක් වී යන්නේ මේ ස්ථානයේය.