ක්‍රිස්තියානි ගීතිකා වල ආරම්භයද සීතාවක යුගයේ සිදුවූවකි. විවාහ මංගල්‍ය, අවමංගල්‍ය කටයුතු වැනි අවස්ථාවලදීත් ලෙඩදුක් ව්‍යසන ඇතිවූ වකවානු වලදීත් ක්‍රිස්තියානි දේවස්තාන වල දේව කන්නලව් වශයෙන් ගීතිකා ගැයුනි. ඒ ඒ දේවස්ථාන වල මේ සදහා විශේෂයෙන් පුහුනු කරන ලද ගායක කන්ඩායම්ද විය. මේ දේව කන්නලව් ආරම්භයේදී ගැයුනේ ලතින් භාෂාවෙනි පසුව දේශීය භාෂාවන්ගෙන් ගැයුම ආරම්භ විය. මුල්කාලයදී ලංකාවේදී ගයන ලද ගීතිකා බොහොමයක් කාලයාගේ ඈවෑමෙන් යටපත්වි ගොස්ය. මේ ගීතිකා කවර ස්වරූපයකින් තිබෙන්නට ඇත්දැයි සලකා ගැනීමට විවාහ මංගල්‍ය අවස්ථාවේදී පොදුවේ කොයිදේවස්ථාන වලත් ගයනු ලබන පහත සදහන් ගීතිකවෙන් හැවේයැයි සිතේ.
ඔබවෙතට පෙමින්
විත් පෙනී සිටින
මේ දස සහ දෑසින් දැන්
යොදනු සරණ

එතකොට ඔවුන්ගේ අත්
ඔබගේ පෙමාතින්
අනන්ත ජීවිතයක්
සග සැපත් දෙන්

පියපුත් සුතන් මෙහි
එක් කෙනෙක්ම වී දැන්
අප මැද පැමින
දෙන් ආසිරි නොමින් (ක්‍රිස්තියානි ගීතිකා)
දෙවස්ථාන වල භාවිතය සදහා පිලියෙල වුනු ඉංග්‍රීසි ස්තෝත්‍ර රාශියක් ඇත. සිංහල ඉංග්‍රීසි භාෂා විසාරදයෙකු වූ කොර්නේලිස් සේනානායක දේව ගැති තුමා මේ ස්තෝත්‍ර සිංහල භාශාවට පරිවර්ථනය කර ප්‍රස්ද්ධකර තිබේ. මේ පරිවර්තනයේදී සිංහල ආරට වඩා ඉංග්‍රීසී ආර කැපී පෙනේ. මේවායි සමහරක් සිව් පද වශයෙන් බැලූ බැල්මට පෙනුනත් ඒයට වඩා වෙනස් විරිත් වෙසෙසක් මේවායේ දකනට ලැබේ.
වී ඉතා මන කල්
කානාහි වූ මගුල්
සාමි පැමිනෙති එකල්
කෙලේ ඒ සුමගුල්

ලැබ දරු මල්ලන්
සුබ සැනසිල්ලෙන්
වසනට ඇදිහිල්ලෙන්
දෙන් සාමිනි වරම් (සිංහල ගීතිකා)
සිංහල සාහිත්‍ය වංශයේ අන්දකාර යුගයක් වශයෙන් සීතාවක කාලය සැලකීමට සමහරු කැමැත්තක් දක්වති. බෞද්ධ පොත් පත් විනාශයත්, පිරිවෙන් වෙහෙර විහාර ස්ථාන පාලුවට යාමත් නිසා ගිහි පැවිදි අධ්‍යාපනය ඇන හිටියේය. පාලි හා සංස්කෘත භාෂා හැදෑරීමක් හෝ ඒ භාෂාවන්ගෙන් පොත්පත් රචනයක් හෝ අසන්නටවත් නැත. පැවදි පක්ෂය ග්‍රන්ත කරනයෙන් ඈත් වූ එකම අවදිය සීතාවක කාලය බව කිව යුතුය. මේකරුනු ගැන සලක බලන විට අන්ධකාර යුගයක් දැකිය හැකි වුවත්සිංහල සාහිත්‍යයට විශේෂාංග කිහිපයක් එක්වූ ලෙසද සැලකිය හැකිය. ගිහි පිරිස වැඩි වැඩියෙන් සාහිත්‍යය කරනයට නැබුරුවූ බවක් පෙනේ. රජ ගෙදරින් ආරම්භ වූ කවිකාර මඩුව මේයට හේතු විය. මේකරුනු සියල්ල සැලකිල්ලට ගත්කල සීතාවක රාජ්‍යසමය සාහිතය යුගයක් ලෙස වෙන් කොට දැක්වීම යුත්ති යුත්තය.
– පොත පත ඇසුරෙනි