හදාරන්නන් පෙන්වා දෙන්නේ ක්‍රි.පූ ශත වර්ෂයකදී කැළනිය මෙන්ම මුල්ලේරියාවද පසුකරමින් පැමිනි සුනාමිය ක් පිලිබඳ තොරතුරු වන බවයි. කැළණියේ කැළණිතිස්ස රජු රාජ්‍ය කරන සමයෙහි මෙම සිදුවීම සිදුවූ බවකි. රාජාවලිය සදහන් කරන ආකාරයට මුහුද ගොඩ ගැලීම් දෙකක් වූ බවයි. “ද්වාපර යුගයේදී රාවනාගේ අධර්මයෙන් පානේ තුඩ සේ මේ තිබුනා වූ මන්නරමෙන් එපිට තූත්තුකුඩියට අතර තුර රාවනාගේ කෝට්ටයත් මාළිගා පස් විස්සත් වීදී හාරලක්ෂයත් මුහුදට ගීලී ගියාහ.”
දැන්මේ කැළනිතිස්ස රජු අවධියට මුහුදට ගිලුනු ගම් ලක්ෂයක්, පටුන ගම් හා නවසිය හැත්තෑවක් කෙවුලන්ගේ ගම් හා සාරසිය හැත්තෑවක් මුතු කිමිදිනා ගම් හා ලංකාව අඩුත්තු දෙසින් එකොලොසක් මහ මුහුදට ගිලී ගියාහ. මන්නාරම ඉතිරිව තිබුනේය. පටුන ගම්වලින් කටුපිටි මාදම්පේ ඉතිරිව තිබුනේය.
හදාරන්නන් මෙම සිදුවීම් පැහැදිලි කරමින් සටහන් කරන්නේ ” මේ ප්‍රවාදයන් ගෙන් කියන්නේ එක්තරා යුගයකදී නූතන රිත්ත මාපකයේ 7 දර්ෂකයට වැඩි අගයක් ගත් භූකම්පණ දෙකක් ලංකාවට බටහිර මුහුදේ සිදුවූ බවය. භූ කම්පන ව්‍යසනයක් වුවද එය ස්වභාව ධර්මයේ සංසිද්ධියකි. වර්ථමානයේ සුනාමි නමින් හදුවනු ලබන එය ගැන ඔබ දනිති. කැළණි තිස්ස රජ සමයේ සුනාමි තත්වයක්ජ් ඇති වූ බව පිලිගත හැකිය. එකල මුහුද ගොඩ ගැලීමෙන් මුල්ලේරියා ඔය නිම්නය යටවී ගිය බවට ශාක්ෂි තිබේ. නිරිමාවෙල සහ තාදාසන්න පහත් බිම් වල ගඩොල් නිෂ්පාදනයට මැටි ගැනීම සදහා මැටි වලවල් සෑරිමේදී අඩි 10-20 යටින් හමුවන කොළ දඩාන නමින් ගැමියන් හදුන්වනු ලබන, දිරාපත්වූ ශාක තට්‍ටුව එක්තරා කාලයක මේ ප්‍රදේශය වනාන්තරයකින් වැසී තිබුනු බව සිහිපත් කරයි.”
– පොත පත ඇසුරෙනි
