පෙරකල මල්ලව දේශයෙන් ශ්‍රීලංකාවට ගොඩ බට සෙනවිරත්න බණ්ඩාර (කෝට්ටේ බුවනෙකබා 4 කාලයේ පැමිනි මලල කුමාරවරුන් හය දෙනාගෙන් අයෙකි) නැමැත්තකුගේ මුනුපුරෙක් සතර කෝරලේ කුඹල්දිවෙල බණ්ඩාර නමින් විසුවේය. මරගලේ ඒකනායක බණ්ඩාර ඔහුගේ මුනුපුරුය. ඒකනායක බණඩාරගේ පුත් වූ ඒකනායක මුදියන්සේගේ දියනිය කිවුල්පනේ හේරත් බණ්ඩාරගේ දෙටු පුත්‍ර වූ ලොකුරාල සමග විවාහ විය. කුඩාරාල වූ හේරත් බණ්ඩරගේ බාලපුත්‍රයා උඩකැන්දවල ගැමි කතක් සමග විවාහ විය. දරු ප්‍රසූතිය සදහා එම ස්ත්‍රිය උඩ කැන්ඳවලට ගොස් සිටින අතර කුඩා රාල මරු වැලඳ ගති. කුඩාරාල ගේ පුතා ලොකුරාල විසින් ඇතිදැඩිකර ගන්නා ලදී. ඔහු කිවුල්පනේ අප්පුහාමි නමින් ප්‍රසිද්ධ විය.
මේකාලයේ සීතාවක රාජසිංහයන් යටතේ හතර කොරලයේ මහ දිසාපතිකම දැරුවේ ගිරාගම නිලමේය. ප්‍රතුගීසීන්ට විරුද්ධව කරන සටනක් මෙහෙය වමින් සිටි රාජිංහයෝ එම සටනට එක්වන්නට රුක්ගහවත්තට එන ලෙස ගිරාගම නිලමෙට අනපත් යැවීය. එකල ශක්ති සම්පන්න තරුනයෙක්ව සිටි කිවුල්පනේ අප්පුහාමිද කැඳවා ගෙන සතරකෝරලේ සෙනාවද රැගෙන නිලමේතුමා රුක්ගහවත්තට ගියේය, සතර කෝරලයේ සේනාව පරංගින් සමග මුහුනට මුහුනලා සටන් කරන අතර කිවුල්පනේ අප්පුහාමි පංරංගි තිදෙනෙකුගේ හිස් කපගෙන දෙකක් දෑතින්ද එකක් කටින්ද ගෙනවුත් රාජසිංහයන් බැහැදැක්කේය. මෙයින් ප්‍රමෝදට පත් රජතුමා “යුද්ධයට මරයා” යැයි කිව්වේය.
පසුදා උදෑසන කිවුල්පනේ, කැන්ඳවල , මරගලේ , හම්මිල්ලෑව යන ගම් ප්‍රවේනී කරදී “මාරසිංහ මුදියන්සේ” යන රන්පට බැන්දේය. ඊටත් පසු දා යුද්ධය ජයගෙන ආපසු ඒමට සැරසී වාඩි ගිනිලූ විට මෙම සන්නස් පත්‍රයද ගින්නට හසුවිය. ඒබව තම හමුදාපත් ගිරාගම නිලමෙට දැන්වු විට ඒ වෙනු වට සීට්‍ටුවක් ලැබුනේය.
– පොත පත ඇසුරෙනි.
