සීතාවක රාජ්‍යයේ ඉතිහාසයට කීරවැල්ල යන නම කිහිප විටක්ම එක්වෙයි. කෝට්ටේ රජ පෙල පතේ කිහිප දෙනෙකුටම කීරවැල්ලෙන් බිසෝවරු ගෙන ආ බව සදහන් වේ. වංශ කථාවල සදහන් පරිදි කීර වැල්ලෙන් කුමරිකාවක් සරන පවා ගත් ප්‍රථම රජු හතරවන ශ්‍රී පරාක්රමභාහුය. කීරවැල්ලෙන් කුමාරිකාවන් බිසෝවරු වශයෙන් තොරා ගැනීමට කිසියම් හේතුවක් තිබිය යුතුය. කීරවැල්ල කෑගලු දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරලයට අයත් ගමකි. කිත්සිරිමෙවන් රජු (ක්‍රි.ව. 301-328) දවස ලංකවට දළඳා වැඩමවා ගෙන ආ හේමමාලා හා දන්ත කුමරු යන දෙදෙනා රාජය අනුග්‍රහය ඇතිව බෙලිගල් කෝරලයේ කීරවැල්ලේ පදිංචි කරවනු ලැබූ බව රාජාවලියේ දැක්වේ. හේමමාලා කුමරිය කාලිංග රජුගේ දූ කුමරිය බව මහා වංශය කියයි. කීරවැල්ලේ සිටින්නේ මේ යුවලගෙන් පැවතෙන්නේ යැයි සැලකෙන නිසා ඔවුන් රාජකීය පෙලපතකට සම්බන්ද යැයි සලකන ලැබේ. ” කීරවැල්ලේ කුමාරයා” නම් වූ දිසාවකගේ පරම්පරාවෙන් පැවත එන නිසා කීරවැල්ලේ අය ලංකවේ අනික් දිසාවාසීන්ට වඩා උසස් කොට සලකන බව කේරෝස් සඳහන් කරයි. කේරෝස් දක්වන මේ මතයද දත්ත කුමාරයා හා හේමා මාලා නිසා ඇති වූ රාජකීය බවම විය හැක. වංශවත්, කුලවත්, රාජකීය පරම්පරාවකින් පැවත එන්නන් කීරවැල්ලේ සිටිති යන පොදු ජන විස්වාසය නිසා බොහෝ අවස්ථාවලදී රජෙකුට බිසෝ කෙනෙක් අවශ්‍ය වූ විට විවාද රහිතවම කීරවැල්ලෙන් කුමාරිකාවක් කැඳවා ගෙන එනු ලැබුවාය. මෙසේ හතරවන ශ්‍රී පරාක්‍රමභාහු රජුගේ බිසව කීරවැල්ලේ කුමාරියක් වූවාය.මැනික් කඩවර ශ්‍රී රාජසිංහ රජුගේ නියමය පරිදි උඩරට යුද්ධයට ගිය කීරවැල්ලේ රාලහාමිට උඩරට රජුගේ දියනිය ආවාහ කර ගැනීමට හැකි විය. මේ දෙදෙනාට උපන් දුවක් ජයවීර රජු හා සරණ ගියාය. ජයවීර රජුගේ දුව කෝට්ටේ ධර්මපාල කුමරු හා සරණ ගියාය. මේ නිසා ධර්මපාල කුමරු සරන ගියේද කීරවැල්ලේ කුමාරිකාවක් සම්ගය
