වෙළඳාම පිනිස ක්‍රි.ව. 1505 දී පමන ලංකාවට පැමිනි පෘතුගීසීන් මෙරට සම්පත්වල වශීවීලංකාව යටත් විජිතයක් කරගන්න සීතූහ. ඔවුන් පලමුව කොළඹ වරාය ආසන්නයේ ගෙරි ස,අක් එ;ආ ගනට තරම් කුඩා බිම් කඩකට අවසර ඉල්ලු අතර ක්‍රිව 1818 වන විට ශක්තිමත් කඳවුරක් තනා ගන්න සමත් වූ අතර ක්‍රි.ව. 1528 පමන වන විට සීතාවක හා කෝට්ටේ අතර ඇටි වූ යුධ ගැ‍ටුම් අතර තුර තම බලකො‍ටුව වඩාත් ශක්තිමත් කර ගන්නට සමත් විය.
සීතාවක හමුද ක්‍රි.ව්. 1565කෝට්ටේ නගරය යටපත් කර ගත් පසුව කෝට්ටේ පාලක දොන් ජුවන් ධර්මපාල රාජධානිය අතහැර කොළඹ කො‍ටුවට පලා යන්නට කටයුතු කලහ. කවර මොහොතක හෝ සීතාවකින් එල්ල විය හැකි ප්‍රබල ආක්‍රමනයකට බියෙන් කොළඹ වරාය හා බේරේ වැවෙන් ආරක්ශිතවූ භූමියේ මුර අට්ටාල 9ක් (බැස්ටියන්) සහිත ශක්තිමත් බලකො‍ටුවක් ඉදිකරන්නට කටයුතු කලහ. රාජසිංහ රජතුමාගේ මෙහෙය විම යටතේ ක්‍රි.ව. 1579 අප්‍රේල් මාසයේ සිට මාස 22ක් පෘතුගීසීන් කොළඹ කො‍ටුවටම සිරගත් කරන්නට හැකිවිය. ඒ පලමු ආක්‍රමනයෙන් අනතුරුව 1587 ජූනිමාසයේදී දී සාර්ථක දෙවන ආක්‍රමනය සමග මාස 10ක් පෘතුගීසීන් සිරගත කර දමන්නට සමත් විය. මෙම සංග්‍රාමවලදී සීතාවක් යුද්ධ සේනාවේ සංවිධානාත්මක බව පැහැදිලි වූ අතර යුධ නැව්, යාත්‍රා, යුධ ඇතුන්, සන්නද්ධ රථ හා 50000කට අදික සෙබලුන් යුධ පෙරමුනට ගියහ. ක්‍රි.ව. 1592 දක්වා පෘතුගීසීන් කොළඹ කො‍ටුවටම සීමා කල අතර වර්ථමානයේ නාගරීක කරනය නිසා බලකො‍ටුවේ නටඹුන් විනාශ වී ඇතිඅ තර අදත් මෙම ප්‍රදේශයට කොළඹ කො‍ටුව වශයෙන් ව්‍යවහාර කරනු ලබේ.