යාපනය පලක ආර්ය චක්‍රවර්තී නම් ද්‍රවිඩ පාලකයා දකුනු ප්‍රදේශයද ආක්‍රමනය කලේය. රයිගම් පාලක නිශ්ශංක අල්ලහක්කෝණාකාරයන් ක්‍රි.ව. (1360 -1392) කොලොන්නාඔය හා දියවන්න ඔයෙන් දෙපස ආරක්ෂාව කොලඹ වරායට ආසන්නයේ පිහිටි දාරුගම බලකො‍ටු නගරයක් ඉදිකල අතර කො‍ටු බැම්ම වටා ගැඹුරු දිය අගලක්ද මඩ අගලක්ද ජලාශයේ කිඹුලන්ද ඇතිකලේය. බලකො‍ටුවේ ප්‍රකාරය වටා මුර අට්ටාල, ඉඩංගනී නම් ගල්වුදින යන්ත්‍ර සවිකර ආරක්ෂාව තර කරේය. වසර 29ක් පමන කාලයක් මේ සදහ ගතවූ අතර ඉන් පසු අක්‍රමනික ද්‍රවිඩ හමුදා පලවා හැරියේය.
ක්‍රි.ව. 1412 හයවන පරාක්‍රමභාහු රජතුමාගේ පටන් ධර්මපල රජතුමා දක්වා පාලකයන් නම දෙනෙකු කෝට්ටේ රජධානියේ රජකම් කල අතර ධර්මපාල රජතුමාගේ පෘතුගීසීන්ට පක්ෂපාතීව දේද්‍රෝහී පිලිවෙත නිසා ක්‍රි.ව. 1565 ටිකිරි කුමරු ප්‍රමුක සීතාවක හමුදාව කිසිවෙකුටත් ජයගත නොහැකි හෙයින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නම් තැබූ කෝට්ටේ නගරය යටත් කර ගත්හ.
කෝට්ටේ නගරය වටා තිබූ ශක්තිමත් ප්‍රකාරය හා දිය අගල අදත් දැක්ගත හැකි අතර සැලලිහිනි සංදේශයේ සදහන් රජමලිගා දළඳා මැදුර , ප්‍රභූ මාලිගා ආදියේ නටබුන් වත් දැක ගත නොහැකිය. අලකේශ්වර මාලිගයේ හා බැද්දගාන වෙහෙර කන්ඳ ප්‍රදේශයේ හමුවූ කුඩා ස්ථූප දෙකක් ඇතුළු අතීත ස්මාරක කිහිපයක් අදත් දැක ගත හැකිය.