ගනේගොඩ දෙවියෝ සීතාවක කේන්ද්‍ර කරගත් තුන්කෝරලය හා සියනෑ කෝරලයේ වන්දනාවට ලක්වන ප්‍රදේශීය දෙවි කෙනෙකි. ජනප්‍රවාදයට අනූව ගනේගොඩ දෙවියෝ නමින් දේවත්වයට පත්වූයේ සීතාවක අසහාය රණ ශූරයා වූ ටිකිරිබන්ඩාර රාජසිංහ රජතුමාය. ගනේ ගොඩ දෙවියන්ගේ උප්පත්ති කථාව “ගනේගොඩ පුවත” හා “ගනේගොඩ යාදින්න” මගින් විස්තර වේ. ගනේගොඩ දෙවියෝ මුලින් යක්ෂයෙකි. මෙම යක්ෂයා කෝට්ටේ රජතුමා වූ බුවනෙකබා රජතුමාගේ දේවියට අවේශ විය. කොතර ම් ප්‍රථිකාර කලද සුව නොවීය. භික්ෂූන්වහන්සේ නමක් පිරිත් කියා පිරිත් නූල් බැඳ දේවිය සුවපත් කලේය. ඉන්පසු යක්ෂයා සීතාවක මායදුන්නේ රජ දේවියට ආවේෂ විය. ඇයටද බුවනෙක රජ දේවිය සුවපත්කල භික්ෂූන්වහන්සේ පැමින පිරිත් කියා පිරිත් නූල් බැඳ සුවපත් කලේය.
යක්ෂයා භික්ෂූන්වහන්සේලා කෙරෙහි වෛරය බැඳ ගත්තේය. දු‍ටු දු‍ටු තැන සංඝයාවහන්සේලා විනාශ කරන බවට දිවිරුවේය. රජදේවිය සුවපත් වුවත් යක්ෂයා බිසවගේ කුසයේ පිලිසිඳන් ගත්තේය. යක්ෂ මායම නිසාම කුඩා අවධියේ සිටම අසහාය බලයක් හිමිවිය. රාජ්‍යත්වයට පත්වූ භික්ෂූන් වහන්සේලාට හින්සා පීඩා කල බවත් මරනින් මතු දේවත්වයට් පත්විය. මාපිටිගම අ‍ටුලුගම හා මංගෙදර මුල්ලේ කෝවිල අසල හිඳ තම බලය පෙන්වා පුද පඬුරු ලැබූ බව කියවේ.
මීරිගම ගනේගොඩ බොකලගම විහාරයේ පිහිටි ගනේ ගොඩ දේවාලය ගනේ ගොඩ දෙවියන් ජීවමානව වැඩ වාසය කරන බවත් කෙම්මුර දිනවලදී විහාරය අසල ඇති ඉඹුල්ගසේ සිටි දේවතා එලියක් විහාරයට වැඩමකරන බවත් ප්‍රදේශවාසීන් පවසති. රාජසිංහ රජතුමා කුඩකල මෙම ප්‍රදේශයේ වාසයකල බවත් ගනේගොඩ විහාරයට ගම්බිම් පූජාකල බවත් එනිසා එතුමා දේවත්වයට පැම්න මෙම ප්‍රදේශයට වැඩිය බව විස්වාශයක් පවතී. මැදගොඩ සිද්ධගනේගොඩ දොලහ පත්තිනි දේවලයේද කබුලුමුල්ල පත්තිනි දේවාලයේද ගනේගොඩ දෙවියන් වෙනු වෙන් පුදපූජාවන් පවත්වන අතර දේව යාතිකාවේ පලමුව ගනේගොඩ දෙවියන් සිහිපත්කර පින්දීම කරනු ලැබේ.