දේවත්වයේ ලා සැලකෙන තවත් ප්‍රාදේශීය දෙවිවරයෙක් ලෙසට ගනේගොඩ දෙවියෝ සැලකේ. තුන් කෝරලය හා සියනෑකෝරලය ප්‍රමුකව සීතාවක යුගය හා බැදෙන මෙම දේවත්වය සදහා වරම් ලබන්නේ සීතාවක අසහාය රණ ශූරයා වූ ටිකිරි බංඩාර රාජසිංහ බවටයි ජනංප්‍රවාද පැහැදිලි කරන්නේ. මෙම දේවත්ව උපත විස්තර කෙරෙන කථාන්දරය  “ගනේගොඩ පුවත” හා “ගනේගොඩ යාදින්න” ලෙසට ගැනේ. මුලින්ම මෙම දේවත්වය යක්ෂයෙකු බවත් කෝට්ටේ බුවනෙකබා රජතුමාගේ දේවියට ආවේශ වූ බවටත් කිය වෙන අතර නෙක ආකාරයේ ප්‍රතිකාර කලද සුව නොවන අතර භික්ශූන්වහන්සේ නමක් පිරිත් කියා නූල් බැඳ සුවපත්කල බවටත් එම ඉතිහාස පුවත් පැහැදිලි කරයි. අනතුරුව මෙම යක්ෂයා සීතාවක මායාදුන්නේ රජ දේවියට වැසුනු බවත් පෙර කී ස්වාමීන්වහන්සේම ඉදිරිපත්ව සුව කල බවටත් විස්තරවේ.
මෙයින් අනතුරුව මෙම යක්ෂයා භික්ෂූන්වහන්සේලා කෙරෙහි වෛර බැදගත් බවත් දු‍ටු දු‍ටු තැන සංඝයාවහන්සේලා විනාශ කිරීමට දිවුරා සිටි බවත් රජ බිසව සුවපත් වූ නමුත් ඇගේ කුසයෙහි පිලිසිඳ ගත් බවටත් විස්තර වේ. මෙම යක්ශ මායම නිසාම ටිකිරි කුමරු කුඩා කල සිටම අසහාය බලයකින් යුත් බවත් කලකි9න් රාජ්‍යත්වයට පත්වූ පසුව භික්ෂූන් වහන්සේලාට පිඩා කරන්නට පටන් ගත් බවටත් පිලි ගැනේ. නතුරුව රජතුමාගේ මරණෙන් පසුව දේවත්වයට පත්වූ අතර මාපිටිය, අටලුගම හා ම්ංගෙදර මුල්ලේ ප්‍රදේශවලදී තම බලය පෙන්වූ බවටත් විස්තරවේ. මීරිගම, ගනේගොඩ බොකලගම පිහිටි ගනේගොඩ දේවාලයේ මෙතුමන් වැඩ සිටිබවත් කෙම්මුර දිනවලදී විහාරය අසල ඇති ඉඹුල් ගසේ සිට දේවතා එලියක් ලෙසට විහාරයට වැඩම කරන බව එම ප්‍රදේශවාසීන්ගේ විස්වාසයකි. රජතුමා කුඩාකල මෙම ප්‍රදේශයේ වෙසෙන්නට ඇති බවත් ගණේගොඩ විහාරයට දේපොල පූජාකරන්නට ඇති බවත් අනතුරුව මරනින්  පසුව  දේවත්වයට පත්ව මෙම දෙවාලයට වඩින්නට ඇති බවත් වැඩි දුරටත් විස්වාසය වේ.