සීතාවක යුගයේ රජුන්ගේ ආධාර උපකාර හා පුද සත්කාර ලබමින් තිබී අද දක්වා ප්‍රසිද්ධියට පත්ව ඇති දේවාල කිහිපයක් සීතාවක රාජධානිය තුල දක්නට ඇත. ඒවා අතර කඩුවෙල පිහිටි කඩු දෙවොල, නවගමු දේවාලය, මැදගොඩ දේවලය,කන්නත්තොට ගනේගොඩ දේවාලය , කබුළුමුල්ල දේවාලය හා මීරිගම ගනේගොඩ දේවාලය මේ අතර ප්‍රධාන තැනක් ගනී. පත්තිනි දේවමාතාව වෙනු වෙන් වූ මෙම දෙවොල් වාර්ෂිකව අස්වැනු කපා ගැනීමෙන් පසු දෙවියන්ට පුද පිනිස ගිනි මඩු උත්සව පවත්වා දිය කැපීමටත්, අවසන් වන දෙවොල උත්සවය අද දක්වා බැති මතුන් තුල දැඩි දැඩි පුද සැලකිලි ලබමින් පවතී.
මැදගොඩ පත්තිනි දේවාලයට හා කබුළුමුල්ල දේවාලයට සීතාවක රාජසිංහ රජු විසින් ගම්බිම් පූජා කර ඇති බවත්, රජ බිසවගේ රෝගයක් සුව කිරීම නිසා කබුළුමුල්ල දේවාලයට රජුගේ ඇඳවියලක් පුජා කල බවත් මැදගොඩ දේවාලයට ඉතිරි ඇඳවියල පූජාකල බවත් , විස්වාසයක් පවතී. මෙම පුවත සනාත කරනු වස් කබුළුමුල්ල දේවාලයේ දේව මෙහෙය සිදුකරන කපුමහතා ප්‍රකාශ කරන අන්දමට එම දේවාලයේ පූජා භාන්ඩ අතර රාජසිංහ රජුගේ රන්කඩුවත් රජුට අයත් ඇඳ වියලත් මේ දක්වා දේවාලය සතුව් ඈත. මේ අතර මෙම දේවාලයේ උත්සව වලදී භාවිතාකරන “ගනේගොඩ යාදින්න” තුලින් රාජසිංහ රජු ගනේ ගොඩ දෙවියන් නමින් පෙනී සිට බැල්ම හෙලන බවත් ප්‍රකාශ කර සිටී. කපු මහත්මයාගේ ප්‍රකාශයට අනූව මායාදුන්න රජුගේ බිසවට පිසස් ලෙඩක් සෑදී අනතුරුව භික්ෂූන්වහන්සේ නමක් විසින් මතුරා එම රෝගය සුවකල නමුත් බිසවට ඇති සෙනෙහස නිසා බිසව කුස පිලිසිඳ පසුව රාජසිංහ නමින් බිහිව රජු අවසානයේ දේවාලයට පැමින ගනේගොඩ දෙවියන් නමින් ප්‍රසිද්ධ වු බවත් කියැවේ. මෙම යාදින්න අවියත් ලේඛකයෙකුගේ නිබන්ධනයක් ලෙස සැලකිය හැකි අතර ගනෝගොඩ යාදින්න නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත.
සුර රජ සිරි විඳින
සිරි විජය බා නමින්
එපුර රජ කරන සොඳ
එරජ අග බිසෝව සඳ
පිසස් ලෙඬ පැමිනි විට
පමුණැදුරු සමග එක්
සඝ නමක් මතුරු කොට
පිස සොන්ද ගෙන එවිට
යසස පෙන්වී ලොවට
කව් එදෙනා එවිට
බිවවුන්ට බැඳි සෙනේ
පෙර සිටම එන බැවින්
බිසව කුස පිලි සිඳී
දස එකඩ මස් සපිරි
උපන් කුමරිඳු බලැති
රාජසිංහ යන නමින්
පුර සඳ සේ වැඩී සොඳ.
– පොත පත ඇසුරෙනි