මෙම සටහන් අනූව මහයා දිනූ අරුත් ඇති මායාදුන්න කෝරලය හිමි කුමරුගේ නම “ශ්‍රී විජයබ” වන බව කියවේ. ඒ අනූව මයාදුන්නේ නම ශ්‍රී විජයබා වියහැකි බවට මේ මගින් ඓතිහාසික සාධක ගෙන එයි. එපමනක් නොව මහ බලැති රාජසිංහ රජු රජපැමින සත්වසරකට පසුව දේවකායට පැමිනි බවත් අනතුරුව ඒ දේවකායෙන් යුතුව මාපිටිගම පිරිතකදී සඝුන් 60ක් ” ඔට්‍ටු කර මොට්‍ටු ඇන – දව සුනු විසුනු කර ” යනුවෙන් විනාශකල බවත් කියැවේ. රාජසිංහ රජුන් භික්ෂූන් විනාශකල බවට ඇති ජනංප්‍රවාදයේත් මෙම යාදින්නේ විස්තරයක් අතර සමාන බවක් පෙන්නුම් කරයි. මැදගොඩ දේවාලයද කන්නත්තොට ගනේගොඩ දේවාලයද රාජසිංහ රජු ගනේගොඩ දෙවියන් ලෙස බැල්ම හෙලන බව විස්වාශ කරයි.
මේ අතර හාපිටිගම් කෝරලයේ මීරිගමට ආසන්න ගනේගොඩ බොකලගම පිහිටි ගනේගොඩ දේවාලය රාජසිංහ රජුගේ බැල්ම සහිත ගනේගොඩ දෙවියන් වැඩ සිටින බැව් එහි වාර්ෂික උත්සව පවත්වා කරන දේවාල කන්නලව්වේ සදහන් වේ. රාජසිංහ රජු මෙම විහාරස්ථානය සදහා ඉඩම් ලබාදී ඇති බවත් ටිකිරි කුමරා කුඩා කල වාසය කලේ එම ප්‍රදේශයේ බවත් ප්‍රදේශවාසීන් අතර විස්වාසයක් පවතී. උඩරට පහතරට වෙන්කරන කඩවතක පිහිටි බොකල ගම ග්‍රාමයේ පැරණි රජමාලිගයක හා දිය තටාක සහිත නටබුන් අදදක්වා ඇත. එහි අක්කර 4ක පමන ප්‍රමනයේ පිහිටි මාලිගා තැන්න භූමියේ රජමාලිගයක නටබුන් ඇත. අඩි හතරක පමන පලල් ගල් කුළුනු වලින් යුත් ගොඩනැගිලි අත්තිවාරම්ද, සදකඩ පහනක් හා විශාල ප්‍රමානයේ ගඩොල් හා ගල් කනුද, රජු දිය නෑ පොකුන ලෙස ගැනෙන දිය නොසිදෙන ගල්පොකුනද මේ අතර වේ. ගමට ආසන්නව පිහිටි විශාල වැවක විනාශ වූ වැව් බැම්ම අදදක්වා ඇත. ශ්‍රී විද්‍යා සාගර විහාරස්ථානය හා ගනේගොඩ දේවාලය සහිත පූජා බිමේ අද දක්නට ඇති ගල්කනු හා ඇතුන් දෙදෙනෙකු සහිත ලියවැල් කැටයමින් යුත් ගල් උළුවස්සක් ඓතිහාසික වශයෙන් ඉත අවැදගත්වේ.
– පොත පත ඇසුරෙනි
