විජයබා කොල්ලයෙන් පසු කෝප වූ වීරසූරිය කුමරු හා මනම්පේරි සෙනවියන් විසින් හාපිටිගම හා අළුත්කූරු කෝරලවල කැරළි ගැසූ විට එම කැරළි මැඬ පවත්වා කෝට්ටේ රාජ්‍යයේ සාමය ඇති කලේ මායාදුන්නේ විසිනි. එදා වීරසූරිය සමග හාපිටිගම් කෝරලයේ ඇති වූ සටන දින දෙකක් පැවති අතර එහිදී ගනනින් විශාල පිරිසක් මිය ගියෙන් ගනේ ගොඩ නමින් මෙම ගම ප්‍රසිද්ධ වූ බවත් සටන සිදිවී ඇත්තේ මලිගා තැන්නට ආසන්න වැව් කන්ඩිය අසල බවත් මෙම ගමේ පදිංචි විශ්‍රාමික අධ්‍යාපන නිලධාරී j වනිගසූරිය මහතා ප්‍රකාශකර සිටී. සාමය ‍රැකීම හා ගැ‍ටුමින් පසුව මායාදුන්නේ කලක් එහි ‍රැදීඉ සිටින්නට ඇත. ටිකිරි කුමරු ලම විය ගෙවුනේ මෙම මාලිගාව තුල බවත් රජ්වූ පසු විහාරස්ථානයට ගම්බිම් පූජාකල බවත්, අද දක්වා එම කුඹුරු පංසල් දේපල ලෙස පවතින බවත් , ශ්‍රී විද්‍යාසාගර විහාරවාසී පූජ්‍ය හොරම්පැල්ලේ උපනන්ද හිමියන් ප්‍රකාශකර සිටී. රාජසිංහගේ විශේෂ ගෞරවයට පත් විහාරස්ථානය රජු මිය යාමෙන් පසු ගනේ ගොඩ දෙවියන් විසින් ආරක්ෂා කරන බවත් වර්ෂික ගම්මඩු උත්සව පවත්වා බාර හාර ඔප්පු කරන බවත් ප්‍රදේශ වාසී හු ප්‍රකාශ කර සිටී.
රාජසිංහ රජු ගනේ ගොඩ දෙවියන් ලෙස මැදගොඩ පත්තිනි දේවාලයේද පුද සත්කාර ලබයි. මේ අනූව කඹුලුමුල්ල දේවාලයේ “ගනේගොඩ යාදින්න” සීතාවක යුගයේ ඓතිහාසික සටහනක් ලෙස බැදී පවතින බව කිව හැක. රජුගේ ලමා කාලය ගෙවූ මීරිගම ප්‍රදේශයේත්, සීතාවක් ආසන්නවත් ගනේගොඩ දෙවියන් නමින් ගැනෙන පුද්ගලයා රාජසිංහ රජු නමින් මෙම රජු ශිව ආගම වැලද ගැනීම වෙනුවට දේවකායට පැමින ජනතාවට සේවය කරන අයෙකු ලෙස සැලකිය නොහැකිද යන්න සටන් කරමු.
– පොත පත ඇසුරෙනි