අගුරුවැල්ල නගරයේ සිට ගල්පාත මාර්ගයේ කි.මි.5ක් පමන ගමන් කල විට කළුගල නම් විශාල පර්වතය පාමුලට පැමින කිලෝමීටර භාගයක් පමන පා ගමනින් ගොස් සෝනගිරි ආරන්‍යය සේනාසනයට පිවිසිය හැකිය. විශාල පර්වතය පාමුල සිට මළුආකාරයට භූමිය සකස් කර ගල් ලෙන් හතක් ඉදිකර ඇත. අලුතෙන් බිත්ති බැඳ වහලය සාදා ඇති ලෙන්වල භාවනා කුටි- ධර්ම ශාලාව -දාන ශාලාව ආවාස ගෙය හා විහාර ගෙය දැකගත හැකිය. අතීතයේ ශෝන නම් පුද්ගලයා මෙම ගල් ලෙන් සංඝයාට පූජා කල නිසා සෝන ගිරි වූ බවටත් සෝන රහතන් වහන්සේ මෙම පින් බිමේ වැඩ වාසය කල නිසා සෝනගිරි වූ බවටත් ජනංප්‍රවාදයේ පවතී.
පහලම මළුවේ භාවනා කුටි පිහිටා ඇති අතර ධර්ම ශාලාව හා බෝධීන් වහන්සේ ඊලග මලුවේද ආවාසය අසල කුඩා ඝංඨාකාර හැඩයේ චෛත්‍ය සිත් සතන් පහන් කරවන දර්ශනයකි. ආවාස ගෙයට ඉහල පර්වත බිත්තියේ ක්‍රි.පූ. 2 වන සියවසට අයත් බ්‍රාහ්මීය අක්ෂර සහිත ලෙන් ලිපි යයි. පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව ක්‍රි.ව. 1978 වසරේ මෙය හදුනා ගෙන තේරුම් ගෙන ඇත.
ලෙන් ලිපිය – මජ්ජම කුමරුගේ බදු අයකර ගන්නා වූද ගමේ ප්‍රධානියා වූද පජ්ත්‍ටුතගේ පුත් වූ ශෝන ගේ ලෙන සංඝයාට පූජා කරන ලදී.
ඉහලම පිහිටි ලෙන සාමාන්‍ය ප්‍රමානයේ විහාර මන්දිරයයි. මෑතකාලයේ ඉදිකිරීමක් වන මෙහි උස අඩි හතරක් පමන සමාධි බුද්ධප්‍රථිමාවක් තැන්පත්කර බිත්ති සිතුවම් කර ඇත.
