මහාවංශයේ තොරතුරු වලට අනූව විජයාගමනයත් සමගින් මෙරටේ මහවැලි ගඟ ආශ්‍රිතව අර්ය ජනාවාස ඇති විය. මෙම ජනාවාස “ගම” නමින් හැඳින්වූ අතර ගම්ප්‍රධානියා ලෙස සැලකූ අයගේ නමින් එම ගම නම් කරතිබූ බවද පෙනේ. රජුගේ පාලනය ව්‍යාප්තවීමත් සමග රජුයටතේ පැවති ගම්මාන වල ආරක්ෂාව, යුත්තිය පසඳලීම,ආදායම් එකතු කිරීම, පොදු හා අගමික කටයුතු පවත්වාගෙන යෑම මෙන්ම රජුගේ යුධ හමුදාවට අවශ්‍ය භටයන් ලබාදීම ගම්ප්‍රධානියාට පැවරී තිබූ බව පෙනේ. ඒ අනූව “ගම් ප්‍රධානී” තනතුර ඈත ඉතිහාසය දක්වාම පැවති බව කිව හැකිය. පසුකාලීනව “ගමරී” , “දකපති”, “භෝජක්‍යතිකාර”, “පරුමක”, “ගාපිණි”, “ගටික”, ග්‍රාමභෝජක”, “ගාමිණී”, “ගම්ලද්දා”, “ගම්රාල”, “ගමරාල”, “රාල”, “ආරච්චිරාල”, “ආරච්චිල”, “ගම්මුලාදෑනි”, “ග්‍රාමසේවක”, “රාලහාමි”, “ග්‍රාමසේවා නිළධාරී”, “ග්‍රාමනිලධාරී” යන නම් වලින් හැදින්වූයේ මෙම ගම් ප්‍රධානීන්ගේ තනතුරු නාම වේ. කලින් කලට මෙම “ගම් ප්‍රධානී” ගේ බලතල අඩු වැඩි වෙමින් රජුගේ හෝ රජයේ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙසින් විකාශයට පත්වූ බවද ඓතිහාසික තොරතුරු වලින් සනාත වේ,
— පොතපත ඇසුරිනි.
