ගැටලුව සැබවින්ම එන්නේ ව්‍යවස්ථාව දෙසින් නොවීම අප පිලිගත යුතුව ඇත. සංස්කෘතික දේශපාලන යුගය විසින් ප්‍රමානාත්මකව අපව ශිෂ්ටගැන්වීමට නොහැකි වීමේ අඩුපාඩුව මග හැරිය නොහැකි ලෙසට නැවත නැවත නැවතත් අපව හමු වීම මග හැරිය නොහැකි වී ඇත. ඒ අපේ අසමත් විම නිසාම පසුව හමුවූ අපූරු රුසියානු ගුරුවරිය අපට මග හැරුනා විය යුතුය. කොපමන සැරයක් නැවත නැවත කියෙව්වද අර්ධ අම්මා කෙනෙකු නැවත නැවත හමුවන්නේ මුත් විසල් වේදනාවක් ආත්මයේ සැගව ගෙන පෙලෙන වංකා කෙනෙකුගේ ආත්මය සමස්ථ සමාජයේ ආත්මය ලෙසට විඳීමට පමනක් සිදුව ඇත.
පාට ලකුනු වටා කල්ලි ගැසීම හා ඒවා වටා නිරන්තරයෙන් කැරකැවෙමින් සිටීම දේශපාලනය ලෙසට වටහා ගැනීමේ ඓතිහාසික වරද පුරවැසි ආත්මකයක සිට සමස්ථ සමාජ ආත්මය දක්වාම පිලිලයක් ලෙසට වඩවා ගෙන තිඹිරිගෙහි සිට අළුකරවන යන්ත්‍රය දක්වාම විලාපයක් නිර්මාණය කර ඇත. සැබෑ වී ඇත්තේ විප්ලවයේ සිට ලිබරල් අර්ථය දක්වාම වඩාත් විකාර රූපී විගඩමක් පමනක් ඉතිරිව තිබීමය. අවසානයේ කියන්නට ඉතිරිව ඇත්තේ ඔබ ටයි කෝට් පැලඳ අර්ථ දැක්වුවද, රැවුල වවාගෙන විප්ලව හිස්වැසුම පැලඳ අර්ථ දැක්වුවද වැඩක් වී නැති බවය. ඔබ පැලඳ ගෙන සිටින ටයිකෝට් වලට හෝ රතුකමිසයට අපගේ අසංස්කෘතික අඩුව වසා ලන්නට නොහැකි බවය.
– Pubudu Siriwansa
