මෙසේ කාලි බිරාඬිය පිදීම ජගත්මාතා පිදීමේ බෞද්ධ මුහුනුවරයි. භෛරන්ඬි, භෛරවී, බිරාඬි කාලි යක්ෂනියම වේ. සීතාවක භෛරන්ඬි දොවොල ඈත අතීතයේ සිටම සීතාවක උදෙසා හෝ වේවා කාලියක්ෂනිය සදහා හෝ වේවා මුල් වූ තැනක් බව සිතා ගත හැක. කාලිය දේවත්වයෙන් සිටින විට සීතා, පත්තිනි උමා යන නම් වලින්ද, භීෂන සේරූපයෙන් සිටින විට දුර්ඝා ශ්‍යාමා , කාලි, භෛරවී වාමුන්ඩි , මෝහනී ආදී නම්වලින්ද හැදින්වේ. යකදුරන්ගේ ආරක්ෂක මන්තරයක් වූ නව කුණ්ඨරාජ යෙන්ද ඇය වෙනුවෙන් ඉමාන් භෛරවී, කාල භෛරවී, අකාල භෛරවී, ඝෝර භෛරවී යන නමින් ද ඇතුලත් වේ. මේ නම් ඇතුලත් වන සියළුම ජනකථා මාතෲ දෙවගන පිලිබඳ වූ එකම ඇද හිල්ලක විවිධ ස්වරූප විවිධ අවස්ථා සේ සැලකිය හැකිය. රාම සීතා රාවණා හෙවත් කාලී යක්ෂනී, අප්පදානයත් පත්තිනි පාලහ ඇදහීමත් ඒකම ඇදහිල්ලක විවිධ ස්වරූපයන්ය.
ශෂ්‍ය වර්ධනය සදහාත් වසන්ගත රෝග වලින් මීදිමටත්, දරුවන්ගේ ආරක්ෂාව උදෙසාත් කිරි අම්මලාට දන්දීම ලක්දිව හැම පෙදෙසකම කෙරේ. එදා බුද්ධ කාලයේදී කාලි යක්ෂනියට බලි පිදූ ලෙසටම අදත් මේ සිරිත පවතී. කිරි අම්මා යනු ගිරි අම්මාය. ඇය පාර්වතිය යයි. ගිරි දේවිය යැයි. තල්දූවේ පිහිටි කිරි අම්මලා කන්ඳ මේ ඇදහීමට සම්බන්ද විය හැකිය. කිරිඅම්මලා පිදීමේදී පත්තිනි දේවියට මුල් තැන දෙනු ලැබේ. හලාවතට නුදුරු මුන්නේස්වරන් දෙවොලද පත්තිනි, පාර්වතී, කාලි, දොවොලකි. මාදම්පේ තනිය වල්ලභ රජුකල සීතාවක වාසලින් මුන්නේස්වරමට ඇතුන්, සඳුන්, ඇතුළු පිදවිලි නියම වී තිබුනු බවට එම දෙවොලේ ලිඅවිලි වල සදහන් බව කියැවේ.මෙම දෙවොලද සීතාවක සමයට වඩා පැරණි එකකි.
ලිහිල් වූ වස්ත්‍රය හැඳ ගන්නා තුරු දරුවෙකු වඩ ගන්නට දෙන කාන්තා අවතාරයක් ගැනද විස්වාසයක් ඇත. මේ මෝහනිය කාලි යක්ෂනියම නොවේද? කාලි යක්ෂනි කථාවට සමාන ජන කථාවක් සීතාවකට නුදුරු ගැට හැත්ත සම්බන්ද කරගෙන ගොඩ නැගී ඇත. එක් යක දුරෙක් යක්ෂනියක බන්දනයට හසුකරගෙන සිටියේය. ඔහු ගෙදර නොසිටි ගලවාඅවස්ථාවක යක්ෂනිය ඇදුරු බිරිය රවටා ඉසේ ගහා තිබුනු කටුව ගලවා ගෙන බන්ධනයෙන් මිදී ඇදුරු බිරියද මරා දරුවාද කා ඇදුරා වෙත ගියාය. ඇදුරා ඇය පසු පස ලුහුබැඳ ගැට හැත්තෑවක් ගැසූ තැන ගැට හත්තේදී අල්ලා ගති. ඇදුරු බිරියත් යක්ෂනියත් කාලියක්ෂනී කථාවේ සපත්තීන්ට සමානය.
– පොත පත ඇසුරෙනි
