Microsoft සමාගම පවසන්නේ තම Windows 10 සමග වන ප්‍රධාන සෙයුම් යන්ත්‍රය Baidu ලෙසට චීන භාවිතාවට ඉඩ සලස්වන්නට තම සුදානම් බවයි. ඒ අනූව MSN Web portal එක ලෙසට භාවිතාවීම එලබෙන ජූනි 7 වන විට අවසන් කර දමන්නට තමන් කටයුතු කරන බවටයි නිවේදනය කරන්නේ. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ තම අනෙකුත් සේවාවන් වන ක්ලවුඩ් මෙන්ම හොස්ටින් සේවාවල් ඉදිරියටද ලබා දෙන්නට කටයුතු කරනා තර Windows 10 සදහාද වන බාදක ඉවත් වෙමින් තිබෙන බවයි. Microsoft ආයතනය බොහෝ කලක සිට චීනයේ භාවිතාවන අපමන ප්‍රමානයක් වන නිල නොවන Windows භාවිතාවන් ප්‍රමානය පහල දැමීමට කටයුතු කරන අතර එහිද සැල්කිය යුතු ප්‍රමානයක සාර්ථකත්වයක් ලබා ගන්නට හැකිව ඇති බවයි. MSN වල චීන අඩවියෙහි නිල නිවේදනයක් පලව තිබෙන බවට තොරතුරු වාර්ථා වන අතර Baidu සමග Windows 10 සදහා අවශ්‍ය යාවත්කාලීන හා මෘදුකාංග සහය ඉදිරියටද ලබා දෙන්නට කටයුතු කරන බවට තොරතුරු පැවසෙනවා.